ලලිත් චාමින්ද –
යක්කලමුල්ල, කලුවලගල, කුරුඳුවාඩියක් තුළ සිදුවු ද්විත්ව ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරුවෙකු හා සැකකාරියක් ඊයේ (19) අත්අඩංගුවට ගත්බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණ ටී 56 ගිනි අවියකින් වෙඩි තබා මෙම ද්විත්ව ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරුවන් යැයි කී දෙදෙනෙක් විශේෂ කාර්ය බලකාය විසින් එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් පෙරේදා (18) මිනුවන්ගොඩ, ජාපාලවත්ත ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වූයේය.
ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, නරාවල, සහ බද්දේගම, යන ප්‍රදේශවල පදිංචි 47 හැවිරිදිවියේ පසුවන සැකකරුවෙකු හා 35 හැවිරිදිවියේ පසුවන සැකකාරියකි.
සැකකරු ඝාතකයින් පැමිණි යතුරුපැදිය පදවා ඇති බව මුලික විමර්ශන වලදි අනාවරණය වී ඇති අතර සැකකාරියද මෙම ඝාතන සඳහා සම්බන්ධ බවට අනාවරණය වි ඇත.
සැකකාරිය මෙම සැකකරු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අතර මොවුන් මත්කුඩු ජාවාරම් වලට සම්බන්ද බවට පොලිස් පරික්ෂණ වල දී අනාවරණය වි තිබේ.
ඔක්තෝබර් මස 19 වැනිදින යක්කලමුල්ල මාගෙදර කරුවලගල ප්‍රදේශයේ කුරුඳු වාඩියක් තුළ වූ වෙඩි තැබීමකින් සිවි හැවිරිදි දරුවෙකු හා තිස්තුන් හැවිරිදිවියේ පසුවන අයෙකි ඝාතනයට ලක්විය.
අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය අද (20) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. යක්කලමුල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.







