මෙතෙක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඇතුළත් කළ වාහනය භාවිත කළ පෙර අයිතිකරුවන්ගේ පූර්ණ ලයිස්තුව 2023 මැයි 17 වන දින සිට ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ආසන්නම පෙර හිමි කරුවාගේ තොරතුරු පමණක් සහතිකයේ ඇතුළත් කරනු ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී,
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන පරිගණක දත්ත ගොනුවේ පෙර අයිතිකරුවන්ගේ සම්පූර්ණ තොරතුරු දිගටම පවත්වාගෙන යන බව ද එම නිවේදනයේ සඳහන්ව ඇත.
වාහනයක් අලෙවි කිරීමට යෑමේ දී මෙම පෙර අයිතිකරුවන් ලයිස්තුව මෝටර් රථය ලියාපදිංචි කිරීමේ සහතිකයේ පැවතීම විශාල ගැටලුවක් බව දිගින් දිගටම ප්‍රකාශ වීම නිසා මෙම තීරණය ගත් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.








