ඉඳුනිල් කහටපිටිය –
සිකුරාදා මොස්කව්හි ක්‍රොකස් සිටි ශාලාවට එල්ල වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි කියනු ලබන තවත් සැකකරුවන් තිදෙනෙකු මොස්කව්හි බාස්මනි අධිකරණය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම අධිකරණ මාධ්‍ය සේවය වාර්තා කර ඇත. අත් අඩංගුවට ගත් රැඳවියන් අවම වශයෙන් මැයි 22 දක්වා අත්අඩංගුවේ පසුවේ.
අවම වශයෙන් පුද්ගලයින් 133 දෙනෙකු මරා දමා විශාල සංඛ්‍යාවකට තුවාල සිදුකළ වෙඩි තැබීම සිදු කළ බවට විමර්ශකයින් විශ්වාස කරන පුද්ගලයින් හතර දෙනෙකු දිනකට පෙර එම අධිකරණය විසින්අත්අඩංගුවට ගෙන තිබිණි.
රුසියාවේ විමර්ශන කමිටුවට අනුව සැකකරුවන් තිදෙනා – ඇමින්චොන් ඉස්ලොමොව්, ඩිලොවර් ඉස්ලොමොව් සහ ඔවුන්ගේ 62 හැවිරිදි පියා ඉස්රොයිල් ඉස්ලොමොව් ත්‍රස්තවාදී ක්‍රියාව සංවිධානය කිරීමට සම්බන්ධ බවට චෝදනා ලැබ ඇත.
උසාවියට ඉදිරිපත් කරන ලද අයදුම්පතකින් විමර්ශකයින් කියා සිටියේ ටෙලිග්‍රෑම් නාලිකාව හරහා තුවක්කුකරුවන්ගෙන් එක් අයෙකු වන ෂම්සිදින් ෆරිදුනි ත්‍රස්තවාදී ක්‍රියාවක් කිරීමේ අරමුණින් ජනවාරි මාසයේ දී තම සංවිධානාත්මක ත්‍රස්ත කණ්ඩායමට බඳවා ගැනීමට අමින්චොන් ඉස්ලොමොව් කටයුතු කළ බවට තොරතුරු හෙළි වී ඇත බවය.
මාර්තු 11 ට පසුව, ඔහු ඩිලෝවර් ඉස්ලොමොව් ද කණ්ඩායමට බඳවාගෙන ඇතැයි සිතන බව විමර්ශකයෝ පවසති. විමර්ශන කණ්ඩායම් මෙම සහෝදරයන් දෙදෙනා මෙන්ම ඔවුන්ගේ පියා ද වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිති.
රුසියානු මාධ්‍ය ආයතනවලට අනුව, ත්‍රස්තවාදීන් ඔවුන්ගේ සැලැස්මේ කොටසක් ලෙස පලා යන වාහනය වශයෙන් භාවිතා කළ බව කියන සුදු රෙනෝල්ට් මෝටර් රථයේ හි අවසාන හිමිකරු ඩිලෝවර් ඉස්ලොමොව් යැයි විශ්වාස කෙරේ.
කෙසේ වෙතත්, සිද්ධියට ඥාතීන් තිදෙනා සම්බන්ධ වූයේ කෙසේද යන්න පිළිබඳ නිල තොරතුරු මෙතෙක් ප්‍රසිද්ධියට පත් වී නොමැත.
ෂම්සිදින් ෆරිදුනි අත් අඩංගුවට ගත් අවස්ථාව…
;