ශ්රී ලංකා දඟ පන්දු යවන ක්රීඩක මහේෂ් තීක්ෂණ මස්පිඬු ආබාධයක් හේතුවෙන් ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ඔහු නෙදර්ලන්තයට එරෙහිව ඊයේ පැවති තරගයේදී පන්දු යවන අතරතුර අපහසුතාවයක් පෙන්නුම් කළේය.
ස්කෑන් පරීක්ෂණයෙන් තත්ත්වය තීරණය වන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරියෙක් තහවුරු කළේය.
තීක්ෂණ ලෝක කුසලාන තරගාවලියට ප්රමාද වී එක්වූයේ ආසියානු කුසලානය අතරතුරදී ඇති වූ ආබාධයකින් සුවය ලැබීමෙන් පසුවය.
කෙසේ වෙතත් ශ්රී ලංකා තේරිම්වල සැලසුම තවමත් තේරුම් ගත නොහැකිය. මේ වනවිට දසුන් ශානක සති තුනකට ක්රීඩාවෙන් ඉවත් කර තිබුණත් ඔහු පුහුනුවීම්වලට එක් වන්නේය. කුසල් මෙණ්ඩිස්ට නායකත්වය දීම සඳහා සැලසුම් දෙකක් තිබුණු අතර මුල් සැලසුම අසාර්ථක වීමෙන් අනතුරුව දෙවන සැලසුම වූයේ තරගාවලිය මැද දී නායකත්වය ලබා දීමය. ඒ අතර දසුන් ආබාධයට ලක්වන බව පැවසී කුසල් මෙන්ඩිස්ට නායකත්වය පැවරෙන්නේය.
ඒ අතර දුෂ්මන්ත චමීර සහ ඈන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක් වී ඇත්තේය. ඔවුන් දෙදෙනාත් ආබාධිතව සිට ආබාධ සුව කරගත් බව කියන ක්රීඩකයන්ය. ඔවුන් දෙදෙනාට සංචිතයට පැමිණීම සඳහා ක්රීඩකයින් දෙදෙනෙක් ආබාධයට ලක්වීමට නියමිත බව අප ලියා තැබුවේ මීට සතියකට පෙරය.
මේ වනවිට අප අන්තිමයාගේ සිට ලකුනු ලයිස්තුවේ එක් ලක් අංකයක් උඩට ඇවිත් ඇත. දැන් අප 09 ය. අපට පහළින් ඇෆ්ගනිස්ථානය ය. නෙදර්ලන්තය තවමත් අපට වඩා ඉහළිනි.
පරාජයේ අවමානය මැද අවසන් මොහොතේත් කරන මේ අතාර්කික මෙහෙයුම් ලෝකය ඉදිරියේ අප තවත් ගර්හාවට ලක්වන බව නම් පැහැදිලිය







