පසුගිය සතියට වඩා මේ සතිය තුලදීකොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම සියයට 30න් ඉහළ ගොස් ඇතැයි කොවිඩ් සම්බන්ධීකරණ ඒකකයේ ප්‍රධානී වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කරයි.
කොවිඩ් මරණ සියයට 8 – 10ත් අතර ප්‍රමාණයකින් ද ඔක්සිජන් මත යැපෙන රෝගීන් සහ දැඩිසත්කාර ඒකකවලට යොමුවන රෝගීන් සියයට 4 – 5 ද වැඩිවී ඇතැයි වෛද්‍ය හම්දානි කියයි.
කොවිඩ් මරණ 2/3 ට ම හේතුව එන්නත්කරණය ලක් නොවීම බවත් පෙන්වා දෙන වෛද්‍ය හම්දානි බූස්ටර් එනන්ත ලබාගෙන ඇති පිරිස සමස්ථ ජනගහනයෙන් සියයට 39ක් පමණක් බවයැයිද මෙය සියය 70 දක්වා වර්ධනය කිරිම සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉළක්කය වී ඇති බවද පෙන්වාදේ.
මේ වන විට “බූස්ටර්” මාත්‍රාව ලෙස ලබා දෙන ෆයිසර් එන්නත් කල් ඉකුත්වීමකට ලක්ව නොමැති බවත් එසේ කල් ඉකුත් වීමට ආසන්න වී ඇති එන්නත් රටේ ජනතාවට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු නොකරන බවත් වෛද්‍ය අම්දානි මහතා සදහන් කරයි.