මේ වනවිට මාධ්‍ය ඔස්සේ ප්‍රකාශිත ආකාරයට නැවත විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
X හි ( කලින් ට්විටර්) පණිවිඩයක් පළ කරමින් ඇමතිවරයා කියා සිටින්නේ සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී විදුලි බිල ද්වි වාර්ෂිකව සංශෝධනය කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණය බවය.
කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සැලසුම් කර තිබුණේ විදුලි කප්පාදුවකින් තොරව වසර පුරා අඛණ්ඩව දිවයිනම ආවරණය වනසේ විදුලිය සැපයීම බවත්, දැනට පවතින බලාගාරවල සම්පූර්ණ ධාරිතාවම විදුලි උත්පාදනය සඳහා යොදා ගන්නා බවත් ඇමතිවරයා කියයි. .
මේ අතර විදුලිබල මණ්ඩලයේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ හමුවක් ඊයේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුන බව එම ට්විටර් පණිවිඩයේ දැක්වේ .
ඇමතිවරයාට අනුව නියමිත විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සහ කෘෂිකර්මාන්තය සඳහා නිකුත් කළ හැකි උපරිම ජල ප්‍රමාණය පිළිබඳ අද කැබිනට් මණ්ඩලයේ දී තීරණය කිරීමට නියමිතව ඇත.
අද කැබිනට් හමුවේ දි ඉදිරි මාස 12 සඳහා විදුලි උත්පාදනය, කෘෂිකර්මාන්තය සඳහා ජලය මුදා හැරීම, ජල විදුලි ධාරිතාව සහ පවතින තාප විදුලි විකල්ප පිළිබඳ විස්තර බෙදාහදා ගැනීමට සහ සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර සහිත පොල්පිටිය-හම්බන්තොට සම්ප්‍රේෂණ මාර්ගයේ කටයුතු නිම කිරීම සඳහා මේ වනවිට ඉඩම් හිමියෙක් සහ ලංවිම අතර ඇති වූ ආරවුල සමථයකට පත් කිරීමේ සාකච්ඡාව මහජන උපයෝගීතා කොමිසම විසින් අගෝස්තු 11 වැනි දිනට නියම කර ඇත.
දකුණු පළාත සම්බන්ධ කෙරෙන කිලෝමීටර් 150 ක සම්ප්‍රේෂණ මාර්ගය පසුගිය මාස 3 තුළ නතර වී ඇත්තේ එම මාර්ග සම්බන්ධ කර ඇති මීටර් 650 ක ඉඩමක රජයේ තක්සේරුව සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙනි.
ආරවුල සමථයකට පත් කළහොත් දින 4 කින් වැඩ අවසන් කළ හැකි බවත්, ලංවිම විසින් දැනටමත් රජයේ තක්සේරුව මත තවත් පුද්ගලයින් 2500 දෙනෙකුට වන්දි ගෙවා එම ප්‍රදේශවල කිලෝමීටර් 150 ක වැඩ නිම කර ඇති බවත් ඇමතිවරයා ට්විටර් පණිවිඩයේ සඳහන් කරයි.
Updates on Electricity –
1) There’s will be no price revision on electricity as speculated in the media. Govt policy decision is to revise electricity prices biannually, in January & July every year.
2) CEB has planned for an uninterrupted supply of power islandwide throughout…
— Kanchana Wijesekera (@kanchana_wij) August 7, 2023