තමන් මේ රටේ ජනතාව විසින් පත් කළේ හාල්වල ගණන් පරිප්පුවල ගණන් බලන්නට නම් තමන්ට තමන් වැඩක් නැති බව ජනාධිපතිවරයා අද පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ කුලියාපිටිය උඩුබැද්දාව බුන්නැහැපොල කාබනික ගොවිබිව නිරීක්ෂණය කරන්න ගිය අවස්ථාවේ දී ය.
පහුගිය රජයන් පවා කාබනික ගොවිතැන කරන්නට උත්සාහ කළ බවත් එය පහසු කාර්යයක් නොවන බවත් ජනාධිපතිවරයා කීවේය.
“මේක ආමාරු කාර්යයක්. මගේ පරම්පරාවෙ අය නම් පාරම්පරික වගාවක් කරන හැටි අත්දැකලා තියනවා. නමුත් අවාසනාවකට වගේ කිසිම නායකයෙක් පාරම්පරික වගාව සම්බන්ධ මේ තීරණය ගත්තේ නෑ.
මම විශ්වාස කරන්නෙ මාව පත් කළේ පරිප්පුවල ගණන හාල්වල ගාණ බලන්න නොවෙයි. එසේ නම් නම් මට මාව වැඩක් නෑ. මා පත්වෙලා ඉන්නේ ඊට වඩා වෙනසක් මේ රටේ කෘෂිකර්මාන්තය ගැන කරන්න.
ජානධිපතිවරයා කීවේය.
ඒ අවස්ථාව දෙරණ පුවත් සේවය වාර්තා කළ ආකාරය පහත දැක්වේ.