සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙහෙයුම් නවතා තිබිය දී මගනැගුම යන්ත්‍රෝපකරණ පුද්ගලික සමාගමට සේවකයින් 91ක් බඳවාගෙන කෝටි 17ක පඩි දීලා… විගණනය හෙළි කරයි!

by editor
සැප්තැම්බර් 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

 ලලිත් චාමින්ද –

සිමාසහිත  මගනැගුම මාර්ග  ඉදිකිරිම්  යන්ත්‍රෝපකරණ  පුද්ගලික සමාගමේ  මෙහෙයුම් කටයුතු  නවතා තිබියදි  අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයකට අනුව  ස්වෙච්ඡා හා අනිවාර්ය  විශ්‍රාමගිය  සේවකයින්ගෙන් 91 දෙනෙකු අලුතින් බදවාගෙන එම සේවකයින්ට   මාස 20ක කාලයක් සඳහා  රුපියල්  දාහත්කෝටි, විසි දෙලක්ෂ අසූ දහස් නමසිය හැත්තෑ තුනක (172,280,973) මුදලක්  ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

මෙම සේවකයින් කාර්යය පැවරුම් ගිවිසුම් මත  සහ  කාර්යය පැවරුම් පදනම මත බදවාගෙන 2023 වර්ෂයේ ජුනි මස 01 වැනි දින සිට 2025 පෙබරවාරි මස 28 දක්වා කාලය තුළ  වැටුප් හා දිමනා වශයෙන් මෙම මුදල ගෙවා තිබුණි.

මෙම සමාගම  ඈවර කිරිමේ කටයුතු ආරම්භකර නොතිබු අතර  අලුතින් බදවාගනු ලැබු සේවකයින් තෝරාගත් පදනම  විගණනය වෙත   ඉදිරිපත්කර නොතිබුණි.

එමෙන්ම මෙකී  සමාගම මෙහෙයුම්කටයුතු නතරකොට තිබු පසුබිමක් තුළ  2023 වර්ෂයේ ජුනිමස 06 වැනිදින සිට  රුපියල් 245,000ක මාසික  වැටුපක්මත  නියෝජ්‍ය සාමාන්‍යධිකාරි  මුදල් තනතුර සදහා සහ  මාසික රුපියල් 172,000ක  වැටුපක් මත  මුල්‍ය කළමණාකරුවන්  දෙදෙනෙකු බඳවාගෙන තිබුණි.

මොවුන් බඳවා ගැනිමේ  ප්‍රමාණවත් අවශ්‍යතාවයක්  විගණනයට නිරික්ෂණය  වී නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. නියෝජ්‍ය සාමාන්‍යධිකාරි මුදල් යන තනතුරට බඳවාගත් නිලධාරියා  මසක   පමණ කාලයක් සේවයේ නිරතවු බවත්  පසුව එම තනතුරට කිසිදු බඳවා ගැනිමක් සිදුකර නොමැති බවත්  සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

සේවා අවශ්‍යතාවය මත මුල්‍ය කළමණාකරුවන්  දෙදෙනෙකු බඳවාගෙන ඇති බවද කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර තිබේ.

අනාර්කාරී  වියදම් අවම කිරීමට  හා අමාත්‍ය මණ්ඩල තීරණය නොපමාව  ක්‍රියාත්මක කිරීමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

සිමාසහිත  මගනැගුම මාර්ග  ඉදිකිරිම්  යන්ත්‍රෝපකරණ  පුද්ගලික සමාගම සම්බන්දයෙන් 2023/2024 ගනුදෙනු පිළිබඳ  විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇනකොන්ඩෙක් ඇතුළු සර්පයින් 06ක් නීති විරෝධීව රට ඇතුළට ගේන්න ගිය කාන්තාවක් කටුනායක දී අත් අඩංගුවට…

Next Post

ධීවර සංස්ථාව ඈවර කිරීමේ කිසිම අදහසක් නෑ… කෝටි 170ක් ණය බරක් සහිතව භාරගත් ආයතනය 2028 දී ලාභ ලබන ආයතනයක් කරනවා… ධීවර නියෝජ්‍ය ඇමති කියයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.