මිලියන 1700ක ණය බරක් සහිතව භාර ගනු ලැබූ ධීවර සංස්ථාව 2028 වනවිට ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ සැලසුම සාර්ථකව දියත් කර ඇති පසුබිමක මේ රජය විසින් ධීවර සංස්ථාව ඈවර කරන බවට කරන ප්‍රකාශය සම්පූර්ණ බොරුවක් බවත්, නොවැම්බර් මස 21 වැනි දින ධීවර ජනතාව වෙනුවෙන් ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන බවත්, ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ධීවර සංස්ථාව මේ රජය යටතේ ඈවර කර විකුණන්නේ දැයි පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.
ලංකා ධීවර සංස්ථාව ගෙවී ගිය කාලය පුරාම කළ කටයුතුවලදී මිලියන 1600ක දැවැන්ත ණයත් එක්ක. නමුත් අපි ක්‍රමානුකූලව ඒ ණය බේරගෙන යනවා. ධීවර සංස්ථාව ධීවර ව්‍යාපාරිකයන්ගෙන් මාළු අරගෙන මිලියන 700ක් පමණ ගෙවලා නෑ. මිලියන 700ක් පමණ සංස්ථා සේකවයින්ට ඊපී.එෆ්. සහ ඊ.ටී.එෆ් ගෙවලා නෑ. මිලියන 1700ක විශාල ණයක්. මේ ණය ගෙවමින් තිබෙනවා.
2025 ජුලි මාසයේ දී මිලියන 03ක ලාභයක් ලැබුවා. මෑත කාලයේ දී ලංකා ධීවර සංස්ථාව ලාභ ලැබූ පළමුව අවස්ථාව. 2025 අගෝස්තු 31වන විට මිලියන 10ක ලාභයක් ලැබුවා.
දැන් විපක්ෂ නායකතුමා අපහු ප්‍රශ්නයට අදාලව කියන්නම්. කිසියම් ස්ථාවරයකට ඇවිත් තිබෙන්නේ. පසුගිය සඳුදා මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා සමග කළ සාකච්ඡාවේ දී අපි ඉල්ලීමක් කළා අවුරුදු 02ක් උදවු කරන්න. 2028වන විට ලංකා ධීවර සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත් කරනවා.
සම්පූර්ණ අසත්‍ය කතාවක්. අපේ රජය ලංකා ධීවර සංස්ථාව ඈවර කරන්නේ නෑ. එසේ කියලත් නෑ. ඔබතුමා ප්‍රශ්න කළ විදිහට ධීවර ජනතාව වෙනුවෙන් නොවැම්ර් මාසේ 21 වැනිදා ජාත්‍යාන්තර ධීවර දිනයේ දී ධීවරයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කරනු ලබනවා.







