පාස්කු ප්‍රහාරය සම්බන්ධ අවනඩුව ජාත්‍යන්තරයට ගෙන යෑමේ හැකියාව සොයා බලමින් සිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති
“අපේ ජනතාවට අපේම අයගෙන් යුක්තිය ඉටු කිරීමට අපි අපේ උපරිමයෙන් උත්සාහ කළා. එහෙත්, මේ සියලු උත්සාහයන් අසාර්ථක වෙලා තිබෙන්නෙ. ඒ ඔස්සේ සාධාරණය ඉටුවීමට ඇති ඉඩ කඩ සීමිතයි. නමුත් මේ අපරාධය සඳහා යුක්තිය ඉටුකරග ගැනීමට ජාත්‍යන්තරයට යාමේ හැකියාවන් අප අධ්‍යයනය කරමින් ඉන්නවා.”
මෙම නඩුව ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට ශ්‍රී ලංකාව සමග සබඳතා පවත්වන ප්‍රබල රටවල් වෙත ද ළංවන බව උන්වහන්සේ කීහ.
කතෝලික සභාව යනු ලොව පුරා සබඳතා ඇති ජාත්‍යන්තර සංවිධානයක් බවත් තමන් කාදිනල්වරයා ලෙස මෙම අවනඩුව තම සහෝදර කාදිනල්වරුන් සමඟ සාකච්ඡා කරන බවත් එතුමෝ කීහ.
මෙතෙක් ඉහත දැක්වූ ක්‍රියාමාර්ග වෙත නොගියේ රට තුළින් යුක්තිය ඉටුවනු ඇතැයි තමන් අපේක්ෂා කළ නිසා බව කී උන්වහන්සේ ඒ බලාපොරොත්තුව බිඳී ඇති බව කීහ.