තමන්ට හිමි ඡන්ද මධ්‍යස්ථානයට ගොස් පුද්ගලයෙකුට ඡන්දය ලබා දීමට නෙහැකිවීම පිළිබඳ යම් සාධාරණ බියක් ඇතිනම් එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින්ට තමන්ට නියමිත මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එවැනි අවස්ථාවක දී විකල්ප ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉල්ලීමක් කළ හැකි බවත් මේ සඳහා ඉල්ලුම් කරන අයදුම්කරුවන්ට ඒ සඳහා වන ආකෘති පත්‍ර ග්‍රාමසේවකගේ සහතිකය සහිතව නීත්‍යානුකූල නාම යෝජනා දැන්වීමේ දිනයේ සිට දින 07ක් ඇතුළත, එනම් ලබන මස 01 වනදා හෝ ඊට පෙර මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකළ යුතු බව එහි සඳහන් වේ.
සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය.








