අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙවර අයවැයෙන් පාරිභෝගිකයා මත කෝටි 71800ක බද්දක්

ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් අයවැය ගැන දැඩි විවේචනයක්

by Lanka Sara Editor
නොවැම්බර් 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මුදල් අමාත්‍යවරයා ඊයේ ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව ‘මෙලෝ රහක් නැති බොරු දත්ත විජ්ජාවලින් පිරුණු පුස්සක්’ බව සමගි ජනබලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

අද (13) අයවැය විවාදය ආරම්භ කරමින් විපක්ෂය වෙනුවෙන් ප්‍රධාන කතාව ඉදිරිපත් කළ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ මෙවර අයවැයෙන් මේ රටේ පාරිභෝගික ජනතාව මත රුපියල් කෝටි 71800ක බදු බරක් පටවා ඇති බවය. එම බදු සියල්ල වක්‍ර බදු ලෙස පනවා ඇති බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ආචාර්ය හර්ෂ ද සිල්වාට අනුව 2021 වසර සඳහා අයවැය ඉදිරිපත් කරද්දී රටේ අයවැය පිළිබඳව ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛණ සහ මේ වසරේදී එම අයවැය හිගය පිළිබඳව සඳහන් කළ කරුණු අතර පරස්පරයක් පවතී.  ඔහුට අනුව 2021 අයවැය ඉදිරිපත් කිරීමේදී දැක්වූ සංඛ්‍යා ලේඛනවලට අනුව 2020 වසරේ සැබෑ අයවැය හිඟය පසුගිය වසරේ අයවැය වාර්තාවට ඉදිරිපත් කොට මහබැංකු වාර්තාවටද ඇතුළත් කළ අයවැය හිඟයට වඩා රුපියල් බිලියන 849ක් එනම් කෝටි 84900ක් වැඩි බවත් එය අත්වැරැද්දක් නොව හිතාමතා කළ දත්ත විජ්ජාවක් බව අවධාරණය කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ඒ පිළිබඳව මෙසේ පැහැදිළි කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මෙවර අයවැය මෙලෝ රහක් නැති ලියවිල්ලක්.  මුදල් ඇමතිතුමා දත්ත ඉදිරිපත් කළා. 2019 ඉඳලා මේ අය කළේ දත්ත විජ්ජා . 2020 භාණ්ඩාගාර විගණන වාර්තාව මම සභාගත කරනවා. 2020 ආදායම බිලියන 1378 වියදම 3493යි. බිලියන 2115යි.ඒ කියන්නේ එදා මහ බැංකුවේ වාර්තාවේ ඉදිරිපත් කළ සත්‍ය අයවැය පරතරය බිලියන 849කින් වැඩියි. ඒ කියන්නේ කෝටි 84000ක් අයවැය හිඟය වැඩියි. හංගලා.

අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2020 වසරේ සියයට 7.9යි කියල කලින් කිව්වා. නමුත් 2020 විගණනකාධිපති වාර්තාවට අනුව සියයට 14.1යි. 2021 ආදායම බිලියන 2029 3 වියදම බිලියන 3594 හිගය බිලියන 1565යි. අවශ්‍ය ණය බිලියන 2997 යි.

නමුත් ඊයේ කියනවා 2021 වසරේ ආදායම බිලියන 1561ක් 3387 වියදම. බිලියන 1821ක්. සියයට 11.1ක්. මේ අවසර අවසන් වනවිට තවත් සියයට 2කන් විතර ආදායම අඩුවෙලා වියදම වැඩිවෙනවා.  

මේ තනිකර දත්ත මුලාවක්. මෙහෙම මුලා කළ යුගයක් අපිට මතක නෑ. මුල ඉඳලම කලේ මේක . ආණ්ඩුව කියන නිෂ්පාදන ආර්ථිකය වචන සෙට් එකක් විතරයි. ආනයන ආදේශන කර්මාන්ත හරහා තවදුරටත් රට වැටෙනවා. මේවා අහන්න මුදල් ඇමතිතුමා සභා ගැබේ නෑ. හිටිය නම් තමයි හොඳ? අද ආර්ථිකයේ විශාල ප්‍රශ්න ගණනාවක් ඇතිවෙලා ව්‍යාකූලත්වයක් ඇති වෙලා මේ තත්ත්වය මම ගිය අවුරුදදේ අයවැය විවාදයේදී මෙහෙම වෙයි කියල කිව්වා. මේ ආනයන ආදේශක වැඩේ සාර්ථක වෙන්නේ නෑ. ආනයන ආදේශන නිෂ්පාදන භාණ්ඩ ගෝලීය වෙළෙඳපොලේ තරගකාරී නෑ. අකාර්යක්ෂම රටාවක් නිර්මාණය වෙනවා. ගියවර අයවැය විවාදයේ මුදල් අමාත්‍යවරයාගේ වැය ශීර්ෂයේ දී මම මේ ගැන කිව්වා.  මම කිව්ව මැජික් මනී ප්‍රින්ටින් අප්‍රභංසය නිසා රුපියල කඩා වැටෙනවා ඉන්න තැනින් පහළ වැටෙනවා. කියල. අද රටට නිශ්චිත වැඩපිළිවෙලක් නෑ,  ඉදිරියට යන්න. රට ඉබාගාතේ යනවා. හැම ගැසට් එකක්ම රිවස් කරනවා.. සතියකට ගැසට් එකක් රිවස් කරනවා. රට රිවස් එකේ. අඩු ගානේ තමන්ගේ විශේෂඥ උපදේශකවරුන් කියන දේ අහන්න නැති එක අපි කියන දේ අහයිද?  

මෙවර අයවැය බදු යෝජනා මගින් රුපියල් කෝටි 71800ක බදු බරක් පාරිභෝගිකයාගේ මත පටවලා තිබෙනවා.මේ එකක්වත් සෘජු බදු නෙවෙයි. වක්‍රව අය කරන බදු. එය තනිකරම පැටවෙන්නේ පාරිභෝගිකයා මත.  එක බද්දක් මම විශ්ලේෂණය කළා, අයවැය යෝජනාවල තිබෙනවා සියයට 2.5ක සමාජ සංරක්ෂණ බද්දක් ගැන. නමුත් තාක්ෂණික වාර්තාවල මෙම බද්ද සියයට 3ක් ලෙස දක්වලා තිබෙනවා. මේක මේ අයවැයෙන් ගහපු ලොකුම බද්ද. ඒක සියයට 2.5ද 3ද? පැහැදිළි නෑ. මේ බද්ද පිරිවැටුම් මත බද්දක්. අගය මත ගහන එකක් නෙවෙයි.   දැන් පිරිවැටුම් බද්දත් තිබෙනවා අගය මත එකතු කළ වැට් බද්දත් තියනවා. මේවායින් බදු අවුලක් නිර්මාණය වෙනවා. පාරිභෝගිකයට තල්ලු කරන්න එපා කියනවා.  එහෙම කරයිද? ඕන නම් ඒකට නීතියක් දාන්න තිබුනා මේ කරන්නේ ධනවතා අරක්සා කරන්නයි.  දැන් මුදල් ඇමතිතුමා සභාවේ නෑ . කැබිනට් මණ්ඩලයේ කවුරු හරි මේ ඇයි කියල උත්තර දෙන්න.

ඇක්සිඩන්ට් එකක් වුණාමත් බද්දක් අය කරන්න යෝජනා කරල තිබෙනවා.මේවා ලෝකයේ කොහේවත් නැති දේවල්.මේ සියලුම බදු ධනවතා බේරලා දාල තිබෙන්නේ.

2019 වසරේ ආපු ගමන් බදු අඩු කළා. එයින් විතරක් ඒ තුළ සිදුවුණු පාඩුව රුපියල් මිලියන 500ක් විතර.  ධනවතා බේරලා ඇක්සිඩන්ට් එකක් වුණත් රජයට බද්දක් ගෙවන්න ඕන. ඇමෙරිකාවෙත් ගහන්නේ නෑ. ඔහොම ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ. කිසිම 2019 කිසිම ප්‍රතිපත්තියක් නැතිව මිලියන 500කට වඩා වැඩියි බදු පාඩුව.ජනතාව ආයෝජනය කළේ 203ට ඩොලර් ගන්නේ කොහෙන්ද චැතම් ලේන් එකේ 230යි. කිසිම යෝජනාවක් වැඩපිළිවෙක් නෑ සත පහක සහයක් නෑ. කිසිසේත් වසංගතය නසා නෙවෙයි ආණ්ඩුවේ අමනෝඥ ප්‍රතිපත්තිය නිසා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 මන්ත්‍රී විශ්‍රාම වැටුප් යෝජනාව ආවෙ ආණ්ඩුවෙ පසුපෙළින්… බැසිල් කියයි!

Next Post

ආණ්ඩුවෙන් ඉවත් නොවන බව රාජ්‍ය ඇමති දයාසිරි “සිංහලෙන්“ කී හැටි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.