ශ්‍රියානි විජේසිංහ –
රජයේ රෝහල්වල මේ වන විට හිඟව පවතින ඖෂධ වර්ග 122න් වර්ග 90ක්ම මේ මස අවසානය වන විට පියවා ගත හැකි බව ඖෂධ නිෂ්පාදන හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක සදහන් කරයි.
රෝහල්වල පවතින ඖෂධ හිඟය මගහරවා ගැනීම සඳහා දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරිම ආරම්භ කර ඇති බවත් රටේ අවශ්‍යතාවනේ සියයට 70ක්ම රට තුළ නිපදවීමේ ඉලක්කයන් කරා ගමන් කරමින් සිටින බවත් ලේකම්වරයා ලංකාසර කළ විමසුමකදී පැවසුවේය.
ඉතිරි සියයට 30 ප්‍රමාණය මෙරට නිෂ්පාදනය කිරීමේදී විශාල පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඒවා විදේශයන්ගෙන් ආනයනය කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
විශේෂයෙන්ම පිළිකා ඖෂධ සහ විකලාංග වෛද්‍ය උපකරණ නිෂ්පාදනය කිරිම සඳහා මිල්ලෑව ප්‍රදේශයේ ඉදිකර ඇති කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු ඉක්මනින්ම ආරම්භ කරන බවද අධ්යක්ෂවරයා පැවසුවේය.
අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ඖෂධ වර්ග 75ක් නිෂ්පාදනය කළ හැකි තවත් නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරන අතර ඒ් සඳහා දේශීය ආයෝජකයින් 22ක් ඉදිරිපත් වී ඇතිබවත් වසර 1 ½ තුළ මෙහි නිෂ්පාදනයන් ආරම්භ කරන බවත් හෙතෙම පැවසුවේය.