සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මූත් පැන්නේ බෝට්ටුවෙන් ද?… මාස 2ක් තුළ ඇප ලබා සිටිය දී රටින් පැන්න 03වැනි අපරාධකරු….

by editor
ජනවාරි 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

  • මුල්ම තවාවට ක්‍රිකට් සූදූවේ තරග පාවාදෙන්නෙකුට අපරාධ චෝදනා ගොනුකළ ඉතිහාසගත නඩුව හෑල්ලු කර ඇප පිට සිටි ප්‍රධාන විත්තිකරු රටින් පැන්න කතාව..

ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල පුරාවෘත බඳු විශිෂ්ටයන්ගේ ක්‍රීඩා සැනකෙළිය වන්නේ ලෙජන්ඩ් ට්‍රොෆි පන්දුවාර 15 තරගාවලිය ය. පසුගිය අප්‍රේල් මාසයේ එම ක්‍රීඩා උත්සවය පැවැත්වුනේ ලංකාවේය.

මෙම තරඟාවලියේදී විශ්‍රාමලත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් 7ක් ශූරතාවය සඳහා තරග වැදුනහ. පාකිස්තානය, ඉන්දියාව, බටහිර ඉන්දීය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය යන රටවල ලෙජන්ඩ් ක්‍රිකට් ක්‍රීඩකයන් කණ්ඩායම් සඳහා වෙන් විය.

යුවරාජ් සිං, ක්‍රිස් ගේල්, සුරේෂ් රයිනා, බෙන් ඩන්ක්, රොස් ටේලර්,ජොහාන් බෝතා, හර්භජාන් සිං, ෂහීඩ් අෆ්රිඩි, කම්රාන් අක්මාල්, සනත් ජයසූරිය, මිස්බා-උල්-හක්, අම්බාති රායුදු ,ඩිවේන් බ්‍රාවෝ , තිසර පෙරේරා සහ ඉම්රාන් තහීර් ඇතුළත් වූහ.

ලීග් කණ්ඩායම් වූයේ රාජස්තාන් කිංස්, ඩෙල්හි ඩෙවිල්ස්, පන්ජාබ් රෝයල්, කැන්ඩි සම්ප් ආමි , කළම්ඹු ලයන්ස්, නිව්යෝර්ක් සුපර්ස්ටාර් ස්ට්‍රයිකර්ස් සහ ඩුබායි ජයන්ට්ස් ය‍

අවපැහැ ගැන්වූ ක්‍රිකට් සූදුව

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී මෙම ක්‍රීඩා උත්සවය අව පැහැගැන්වු ක්‍රිකට් කුපාඩිකමක් තරගාවලියටත් වඩා උඩට ආවේය. ඒ තරග පාවාදීමේ බුකි කාරයින්ගේ සූදුව කණ්ඩායම් හිමියන් විසින් දියත් කර ඇති ආකාරය හෙළිදරවු වීමෙනි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ලීග් කණ්ඩායම් අතර තිබූ කැන්ඩි සම්ප් ආමි (Kandy Samp Army) කණ්ඩායමේ හිමිකරු ඉන්දීය ජාතික යෝගී පටෙල්ය. පටෙල් ලෙජන්ඩ් කෙනෙකුට ඇමක් දැම්මේය. ඒ තරග පාවාදීම සඳහාය. එහෙත් ඩීල් එක දැම්මේ වැරදි පුද්ගලයාටය. ශ්‍රී ලංකා හිටපු නායක මෙන්ම වත්මන් තේරීම් කමිටු සභාපති උපුල් තරංගය සමග පටෙල් ඩීල් එක කතා කළේය.
පළමු වරට ගොනු කළ ඉතිහාසගත නඩුව

උපුල් මේ තරග පාවාදීම සඳහා පටෙල් කළ යෝජනාව පිලිබඳ හැරෙන තැපෑලෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය වෙත පැමිණිලි කළේය. 2019 වසරේ හඳුන්වා දී ඇති නීති අනුව තරග පාවාදීම් සම්බන්ධයෙන් වරදකරුවන්ට වසර 10ක සිර දඬුවමක් සහ ඇමෙරිකානු ඩොලර් 555,000ක දඩයකට යටත් විය හැකිය.

එම නීති ප්‍රතිපාදන භාවිතා කරමින් ලංකා ඉතිහාසයේ පළමු වරට තරග පාවාදීමකට අපරාධමය චෝදනාකරමින් මාතලේ මහාධිකරණයේ ඉතිහාසගත නඩුවක් ගොනු වුනේය. පසුගිය වසරේ අප්‍රේල් මස 16 ඔහුට එරෙහිව මාතලේ අධිකරණයේ අධි චෝදනා ගොනු විය. එසේම ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් දකුණු ආසියාවේ ගොනු කෙරුණු පළමු අපරාධමය නඩුකරය මෙයය.

මාතලේ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න පටෙල්ගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදෙස් ගමන් තහනම පිළිබඳව දැනුම් දෙන ලෙසත් නියෝග කළේය. අනතුරුව අත් අඩංගුවට ගෙන සිටි පටෙල් රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ මුදල් ඇප මත මුදා හැරියේය.

ඉතිහාසගත නඩුවේ චූදිතයා තැබූ ඉතිහාසගත ලකුණ

එහෙත් අපේ ආරක්ෂක යාන්ත්‍රණය තුළ ඇති ඉතිහාසගත නොහැකියාවක් යළිත් ප්‍රකට විය. මෙම ඓතිහාසික නඩුවේ ප්‍රධාන චූදිත කැන්ඩි සම්ප් ආමි කණ්ඩායමේ හිමිකරු යෝගී පටෙල් රටින් පැන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී තිබෙන්නේ යැයි නීතිපතිවරයා විසින් ඊයේ (24) මාතලේ මහාධිකරණයට දැනුම් දීමය.

දැන් චූදිතයාගේ ගුවන් ගමන් බලපත්‍රය ඇත්තේ අධිකරණය භාරයේ තිබීමය. ඔහුට ගුවන් ගමන් තහනමක් ද නිකුත් කර ඇත්තේය. පුද්ගලික ක්‍රිකට් ලීග සඳහා ඩොලර් මිලියන ගණන් වියදම් කරමින් පුද්ගලික කණ්ඩායම් හිමිකාරිත්වය සහිතව සූදු කෙළින මේ කුප්‍රකට කෝටිපති ක්‍රිකට් සූදුකරුවා රටින් පැන්න ආකාරය කුමක්දැයි කිසිවෙක් දන්නේ නැත.
නීතිපතිවරයා විසින් මාතලේ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන මෝසම මගින් ඊයේ (24) සඳහන් කළේ විත්තිකරු ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස රටින් පළා ගොස් තිබෙන බවය.

විත්තිකරු පදිංචිවී සිටින බවට අවසන් වශයෙන් අධිකරණයට ලබාදුන් ලිපිනයේ පිහිටි හෝටලය වෙත ගොස් පරීක්ෂා කළ බවත් විත්තිකරු 2024 වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා එහි රැඳී සිට ඇති බව අනාවරණය වූ බවත් මෝසමේ සඳහන් විය.

අදාළ හෝටලයේ නවාතැන් ගැනීම සඳහා විත්තිකරු විසින් මේ මස 06 වනදා දක්වා කාමර පහසුකම් වෙන්කරගෙන තිබුණ ද ඉකුත් දෙසැම්බර් මස 31 වන දිනෙන් පසුව ඔහු හෝටලයට පැමිණ නොමැති බව විමර්ශනවලින් කරුණු අනාවරණය වූ බවද එම මෝසම මගින් පෙන්වා දී තිබිණි.

මේ පිළිබඳව විත්තිකරුගේ ඇපකරුවන්ගෙන් විමසූ විට තමන් 2024 වසරේ ජනවාරි මස 29 වන දා ක්‍රීඩා වැරදි පිළිබඳ විමර්ශන සිදුකරන පොලිස් ඒකකය වෙත අත්සන් කිරීම සඳහා රැගෙන යාමෙන් පසුව විත්තිකරු පිළිබඳව තමන්ට තොරතුරක් නොමැති බව දැනුම්දී තිබෙන බවත් නීතිපතිවරයා ඉදිරිපත් කළ මෝසමේ සඳහන් විය.

මෙම නඩුව අද (24) මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම විත්තිකරුට ඇප තැබූ ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටිහය.

අධිකරණය මගහැර සිටින විත්තිකරු වහා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ඇපකරුවන්ට අවවාද කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවොත් ඇප මුදල් දඩයක් ලෙස අය කර ගැනීමට සිදුවන බවත් අනතුරු අඟවා සිටියේය.

වැඩිදුර නඩු විභාගය ලබන මස 30 වනදා කැඳවීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.

මෙම විත්තිකරුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කිරීමේදී ඔහුගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගනු ලැබීය. ඒත් පටෙල් රටින් පැන්නේය.

මේ මොන කුණුහරපයක් දැයි දැන් අපට සිතෙන්නේය.

ඇප අරන් රටින් පැන්න කංජිපානි, ඒ අත්දැකීම දෙවැනි වරටත් පෙන්නූ පොඩි ලැසී, තුන්වන වරටත් එයම සිදුවුන ආකාරය පිළිබඳ සැක සිතිය හැකි පානදුරේ කුඩු සළිඳු සේම පිටරටින් පැමණ සූදු කෙලින්නට ගොස් මාට්ටු වුන යොගී පටෙල්ද ඇප පිට ඉන්න අතර රටින් පැන්නේ එකම සිද්ධිය සිවු වතාවක් වුව ද එකම ආකාරයට සිදුවිය හැකි බව අපේ ආරක්ෂක සහ විචක්ෂණයැයි කියන බුද්ධි අංශ වෙත සිහිකර දෙමිනි.

දැන් අපට අහන්නට ප්‍රශ්නයක් ත්බේ. “මූත් පැන්නේ බෝට්ටුවෙන් ද?”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මින් පසු වතු දෙමළ ජනයා හඳුන්වන්නේ උඩරට දෙමළ ලෙසයි… රජය කියයි!

Next Post

යෝෂිත රිමාන්ඩ්…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.