දිනසේන රතුගමගේ –
මන්නාරම ඇතුළු උතුරු පළාත හැර දමා පුත්තලමට ගිය මුස්ලිම් වැසියන් 7727කගේ ඡන්ද අයිතිය මන්නාරම් දිස්ත්‍රික්කයෙන් ඉවත් කිරීම දැඩි අසාධාරණයක් බව හිටපු අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මැතිවරණ කොමිසමට පෙත්සමක් මගින් දැනුම් දී තිබේ.
ඔහු එම පෙත්සමේ සඳහන් කොට ඇත්තේ මන්නාරම ඇතුළු උතුරු පළාතෙන් මුස්ලිම් ප්‍රජාව පුත්තලමට සංක්‍රමණය වූයේ යුද්ධය නිසා බව සියළු දෙනාම දැන සිටියදී ඔවුන්ගේ ඡන්ද බලය මන්නාරමෙන් ඉවත් කොට පුත්තලමට මාරු කොට තිබීම අසාධාරණ බවය.
චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මිය කොළඹ පදිංචි වී සිටියත් ඇගේ ඡන්ද අයිතිය අත්තනගල්ලේ ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පදිංචි වී සිටියද ඡන්දය ප්‍රකාශ කරනු ලබන්නේ හම්බන්තොටින් බව එම පෙත්සමේ සඳහන් කොට තිබේ.
මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ පදිංචිව සිටියදී පොළොන්නරුවේදී ඡන්දය ප්‍රකාශ කරනු ලබන්නේද තමන්ගේ මුල් පදිංචියේ අයිතිය අනුව බව පෙන්වා දෙන රිෂාර්ඩ් බදුයුදීන් හිටපු අමාත්‍යවරයා මන්නාරමේ හා වවුනියාවේ ජනතාව පුත්තලමට ගොස් ඇත්තේ ස්ථිර පදිංචිය සඳහා නොවන බවද මැතිවරණ කොමිසම වෙත යවන ලද පෙත්සමේ සඳහන් කොට තිබේ.
මන්නාරමේ ස්ථිර පදිංචිකරුවන් 7727 දෙනෙකුගේ ඡන්දය පුත්තලමට මාරු කොට ඇති බැවින් මන්නාරමේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශයේ 2608ක් ද, මුසලි ප්‍රදේශයේ 3445ක් ද, මාන්තෙයි ප්‍රදේශයේ 1217ක් ද, නානාට්ටන් ප්‍රදේශයේ 457ක් ද, දැඩි අපහසු තත්ත්වයකට පත්ව සිටින බව පෙන්වා දෙන පෙත්සම්කරු මේ වෙනුවෙන සාධරණයක් ඉටු කරණ ලෙස ද ඉල්ලා සිටියි.