දිනසේන රතුගමගේ
මුලතිව් වට්ටුවාකල් පාලම අසල පිහිටි බඩඉරිගු අලෙවි කරන ඉඩමක තිබූ යම් පුපුරණ ද්‍රව්‍යයක් 25 දා දහවල් පිපිරී යාමෙන් එක් අයෙකු මරුමුවට පත් වී තවත් අයෙකු තුවාල ලබා තිබේ.
මියගිය පුද්ගලයා මුලතිව් සෙල්වපුරම් ප්‍රදේශයේ පදිංචි කුමාරස්වාමී චන්ද්‍රමොහාන් දීසන් නැමති 19 හැවිරිදි අයෙකු වන අතර ඔහු එම පිපිරීමත් සමගම පිපිරීම සිදු වූ ස්ථානයේම මිය ගොස් තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබු මුලතිව් පදිංචි සෙල්වකුමාර් සයන්ද රූබන් නැමති 20 හැවිරිදි පුද්ගලයා මුලතිව් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබේ.
මුලතිව් පොලීසිය මෙම පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.