දිනසේන රතුගමගේ –
මුලතිව් අලම්පිල් උතුරු ප්‍රදේශයෙන් ඊයේ (10) එල්.ටී.ටී.ඊ. අවි ගබඩාවක් 10 දා හමු වී තිබේ. මුලතිව් පොලීසිය විසින් එම අවි ගබඩාව කැණීමට අධිකරණ නියෝගයක් ලබාගෙන එහි කැණීම් කටයුතු ආරම්භ කොට ඇත.
මේ වන විට එම අවි ගබඩාවෙන් ලොකු පැරා – 13ක්, කුඩා පැරා 1ක්, 82 මි.මී. මෝටර් – 49 ක්, 60 මි.මී මෝටර් -1 ක් , ක්ලේමෝ බෝම්බ – 6ක් , අත් බෝම්බ – 56 ක් , උණ්ඩ සහ පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් හමු වී තිබේ.
මුලතිව් අධිකරණයේ නියෝගවලට අනුව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙම අවි ගොඩ ගෙන ඇත.
යුද උපකරණ හමු වූ එම වළේ කැණීම් කටයුතු තව දුරටත් සිදු වෙමින් පවතින අතර මුලතිව් පොලීසිය සිද්ධි ය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
මුලතිව් කොක්කුතුඩුවායී ප්‍රදේශයෙන් සමූහ මිනී වළේ කැනීම් ද මේ වනවිට පවත්වාගෙන යනු ලබයි.