දිනසේන රතුගමගේ:
මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේ ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් සමග සූරියපුරම් ගම්මානයේදී ගැටුමක් ඇති කරගත් තරුණයින් අතරින් දෙදෙනෙකු මුලතිව් මුල්ලියාවලෙයි පොලීසිය විසින් 7 දා අත් අඩංගුවට ගෙන තිබේ.
මේ සිද්ධිය වු අවස්ථාවේදී තරුණයින් තිස් අට දෙනෙකු පමණ එතැනට පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනාම ගුවන් හමුදා නිලධාරීන් සමග ආරවුලක් ඇතිකරගෙන තිබේ.
තරුණ පිරිස ආරවුල ඇතිකරගෙන ඇත්තේ මුලතිව් ප්‍රදේශයේ වැසියන්ට අයත් ඉඩම් වල ගුවන් හමුදා පිරිසක් බලහත්කාරයෙන් රැදී සිටින බව කියමිනි.
ගුවන් හමුදා නිලධාරීන් විසින් තරුණයින් පිරිස පලවා හැර ඇති අතර මේ පිළිබදව මුලතිව් මුල්ලියාවලෙයි පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය විසින් සිදු කළ මූලික පරීක්ෂණ වලදී සිද්ධියට සම්බන්ධ තරුණයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ව මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදුකරගෙන යයි.