සිවිල් ඇඳුමක් සහිතව පන්සලට ආසන්න ස්ථානයක මියගොස් සිටිය දී හමුවුන තුන්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුද්දෙණියේ සීලරතන (67) හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට ලබාදෙන ගෞරවය එලෙසින්ම ලබා දෙමින් හෙට (15) පස්වරුවේ විහාරස්ථාන පරිශ්‍රයේ දී සිදු කිරීමට විහාරස්ථ දායක සභාව එකඟ වී තිබේ.
දශක ගණනාවක් පුරා ගම්වැසියන් සමඟ සුහඳව කටයුතු කර තිබෙන නා හිමියන් සම්බන්ධ අවසන් මොහොතේ සිදුවූ අවාසනාවන්ත සිද්ධියක් පදනම් කරගේන උන්වන්සේ ගේ භික්ෂූත්වය සම්බන්ධව ප්‍රශ්න නොකර අවසන් කටයුතු මුරුද්දෙණිය ටැම්පිට විහාරස්ථානයේ දී සිදු කිරීමට දායක සභාව ඒ අනුව තීරණය කර ඇත.
දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ආර්.පී ජයසූරිය මරණය සම්බන්ධව ලබා දී තිබුණේ විවෘත තින්දුවකි.
මළ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව පොලීසිය පවසයි.