මීගොඩ බටගොඩ ප්‍රදේශයේ දී අද (05) උදේ වෙඩි තැබීමක් සිද්ධ වී තිබේ. නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙක් විසින් සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ බටගොඩ තිසර උයනේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකි.
තුවාලකරු සිය නිවසේ සිට පිටව යන අවස්ථාවේ දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය කියයි. ඔහු අද උදේ නිවසින් පිටත් වී ගොස් ඇත්තේ මීගොඩ සමුපකාර රක්ෂණ සමාගමේ සභාපති වැඩ භාරගැනීම සඳහාය. ඔහු මීට පෙර ද මෙම සමූපකාර රක්ෂණ සමාගමේ සභාපති ධූරයේ කටයුතු කර ඇත.
වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් පිළිබඳ අනාවරණය කරගෙන නැති බවත්, දැනට මූලික සැකය එම සමූපකාර රක්ෂණ මණ්ඩලයේ හිටපු සභාපතිවරයා වෙත එල්ලවී ඇති බවත් විමර්ශන අංශ කියයි.
තුවාලකරු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.
මීගොඩ පොලිිසය වැඩිදුර විමර්ශන පවත්වයි.