ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවීමට පාරිභෝගික අධිකාරිය ඉඩ ලබා නොදුනහොත් වෙළද පල තුළ කිරිපිටි හිඟයක් මතුවිය හැකි බව ආනයනික කිරිපිටි සමාගම් අනතුරු අගවා ඇත.
කිරිපිටි කිලෝවක් රුපියල් 350න්ද ග්රෑම් 400 පැකැට්ටුවක් රුපියල් 140කින් වැඩිකිරීමට සමාගම් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා ඇත්තේ ලෝක වෙළදපල තුළ කිරිපිටි මිල විශාල වශයෙන් වැඩිවීම හේතුවෙන් යැයි සමාගම් පෙන්වාදේ.
ලෝක වෙළදපල තුළ කිරිපිටි මිල සියයට 35න් ඉහළ ගොස් ඇති බැවින් දැනට පවතින මිල ගණන්වලට කිරිපිටි අලෙවි කිරීමට නොහැකි වී ඇතැයිද සමාගම් සඳහන් කරයි.
මේ හේතුවෙන් ඇතැම් ආනයනික කිරිපිටි සමාගම් ඔවුන්ගේ ආනයනික කිරිපිටි මේ වනවිට ගෙන්වීම මුළුමනින්ම නරත කර ඇතැයි ද කිරිපිටි සමාගම් සදහන් කරයි.