අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිල අඩු කළා  කියන “නැනෝ රජා“ගෙන් ගහන ගැහිල්ල ඩොලර් විසි කෝටි දහ අට ලක්ෂ හැත්තෑ දාහයක්…

by editor
නොවැම්බර් 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • කැබිනට් පත්‍රිකාවමේ නැව් ගාස්තුත් සහිතව නැනෝ නයිට්‍රිජන් මිලි ලීටර් 500ක් ඩොල්ර් 5යි ශත 25යි… ඇමති ඩොලර් දෙකක්  අඩු කර ගෙන්වන මිල ඩොල්ර් 10යි… එක බෝතලයකින් වැඩිපුර ඩොලර් 4යි ශත 75ක්..

  • කැබිනට් පත්‍රිකාවේම මේ මිල ගණන් සඳහන්ව තිබිය දීත් කිසිවෙක් ප්‍රශ්න කර නෑ…  මිලි ලීටර 500 ඩොලර් 10කට ගෙන්වන්න අවසර දීලා…

  • නැව් ගාස්තුද ඇතුළුත් කළ මිලට  සෙසු ගාස්තුද ඇතුළත් කොට සියයට 25ක් වැඩියෙන් එකතු කළත් ලීටර මිලියන 21.25කට වැය වන්නේ ඇමෙරිකානු ඩොලර් දෙකොටි හැත්තෑ හත් ලක්ෂ අනූ හය දහස් විසි නවයයි…

  • සමස්ත තොගයට දළ වශයෙන් ඩොලර් විසි කෝටි දහ අට ලක්ෂ හැත්තෑ දාහයක් වැඩියෙන් ගෙවන්න අනුමැතිය…

ඉන්දියාවෙන් ගෙන්වන ලද නැනෝ නයිට්‍රජන් පොහොර මිල අධික බැවින් එහි මිල ඩොලර් 2.5කින් අඩු කළ බවට අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද මෙම පොහොර මිලදී ගැනීමට දැනට එකඟවී ඇති මිල   සැලකීමේදී තවත් ඩොලර් 3ක්වත් අවම වශයෙන් අඩු කර ගත හැකිව තිබූ බවත් ඒ අනුව මෙම පොහොර මිලදී ගත් අගය තවමත් ඉතා ඉහළ මට්ටමක පවතින බවත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ  ආරංචි මාර්ග සඳහන් කරයි.

කැබිනට් මණ්ඩලයට දැන්වූ මිල

එනම් මෙම පොහොර මිලි ලීටර 500ක් ඇමෙරිකානු ඩොලර් 5.25ක මිලකට නැව් ගාස්තු ද සහිතව ආනයනය කිරීමට හැකියාවක් පවතින බව සඳහන් ව තිබියදී ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 10ක මුදලක් ගෙවීමට මේ වනවිට කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බව  එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

ඉදිරි මහ කන්නයේ වී වගාවන් සහ බඩ ඉරිඟු ඇතුළු සෙසු බෝග අවශ්‍යතා සඳහා මෙසේ ගෙන්වීමට කටයුතු කර ඇති සමස්ත නැනෝ නයිජ්‍රටන් පොහොර ප්‍රමාණය ලීටර  දෙකෝටි දොලොස් ලක්ෂ පනස් දහසකි.  (ලීටර මිලියන 21.25කි). ඒ වී වගාව සඳහා පොහොර ලීටර මිලියන 18ක් ලෙස සහ බඩ ඉරිඟු ඇතුළු සෙසු බෝග සඳහා ලීටර තිස් දෙලක්ෂ විසි පන්දහක් ලෙසය.

මුලින් මෙම පොහොර ලබා  ගැනීම සඳහා පොහොර ගෙන්වීමට කටයුතු කළ රාජ්‍ය අමාත්‍යංශය සහ රජයේ පොහොර සමාගමක් එකඟ වී ඇත්තේ මිලි ලීටර 500ක බෝතලයක් ඇමෙරිකානු ඩොලර් 12.45ක මුදලකට ලබා ගැනීමටටය. ඒ අනුව ලීටරයක් සඳහා වැයවන මුදල ඩොලර් 24.9කි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇමතිගේ මිල අඩු කිරීම

අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ හදිසි අවශ්‍යතා සඳහා බවද සඳහන් කරමින් ගුවන් මඟින් මෙරට ගෙන්වූ පොහොර මිලි ලීටර 500 බෝතල්  1,89,288 වෙනුවෙන් මේ වනවිට මිලි ලීටර 500ක් සඳහා ඇමෙරිකානු ඩොලර් 12.45ක් ලෙස   ඩොලර් විසිතුන් ලක්ෂ පනස් හය දහසකට (මිලියන 2.35ක) ට ආසන්න මුදලක් මහජන බංකුව  හරහා මෙම පොහොර ගෙන්වීමේ ඒජන්ත සමාගම ලෙස කටයුතු කළ විවාදගත ෆාමර්ස් ට්‍රස්ට් ලිමිඩට් සමාගම වෙත ගෙවීම් කර ඇත.

කෙසේ වුවද අමාත්‍ය  මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා පාර්ලිමේන්තුවේදී ද සඳහන් කර ඇති පරිදි මෙම පොහොර අධික මිලකට ගෙන්වා අති බව නිරීක්ෂණය වීමෙන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදළ සියලු පාර්ශ්වවල සහභාගීත්වයෙන් රැස්වීමක් කැඳවා මෙම මිල අඩු කිරීමට කටයුතු කර තිබේ.

එසේ වුවද මෙම රැස්වීමේදී අනාවරණය වී ඇත්තේ මෙම නැනෝ නයිට්‍රජන් පොහොර මිලි ලීටර 500ක බෝතලයක් ඩොලර් 5.25ක මුදලකට නැව් ගාස්තු ද සහිතව ගෙන්විය හැකි බවය.

නැව් ගාස්තුද ඇතුළුව මෙම මිල ගණන් දක්වා ඇති අතර මේ සඳහා එම මිල යටතේ නොව ඊට තවත් සෙසු ගාස්තුද ඇතුළත් කොට සියයට 25ක් වැඩියෙන් එකතු කළද ලීටර මිලියන 21.25කට වැය වන්නේ ඇමෙරිකානු ඩොලර් 2,77,96, 029කි.

ඇමෙරිකානු ඩොලරයේ හුවමාරු අගය රුපියල් 203ක් ලෙස සැලකුවහොත් මෙම නැනෝ නයිට්‍රජන් ලීටරයක් ඩොලර් 5.2ක මිලකට ගෙන්විය හැකි බව මීට අදාළව පසුගිය කැබිනට් රැස්වීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේද සඳහන් වෙයි.

කෘෂිකර්ම අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී  අදාළ ආනයනකරුවාට ඩොලර් 12.45ක මිල වැඩි බැවින් වෙනත් තැනකින් මිලදී ගන්නා බවට කළ ප්‍රකාශයෙන් පසුව මිල අඩු කර ඇත්තේ ඩොලර් 2.45කින් පමණි.

රටට වෙන පාඩුව

එසේ වුවද කැබිනට් පත්‍රිකාවේම  එය නැව් ගාස්තුද ඇතුළුව ඩොලර් 5.25කට ලබා ගත හැකි බව සඳහන්ව තිබියදී රජය මෙම මිලදී ගැනීමට එකඟවී ඇත්තේ ඩොලර් 10 ක මුදලකට බව පෙනී යයි.

එනම් කැබිනට් පත්‍රිකාවේ සඳහන් මිලට සාපේක්ෂව ලීටරයක් සඳහා  ඩොලර් 4.75 ක මුදලක් වැඩියෙනි. ඒ අනුව සමස්ත තොගයට දළ වශයෙන් ඩොලර් විසි කෝටි දහ අට ලක්ෂ හැත්තෑ දාහයක් ( මිලියන 201.87ක්) වැඩියෙන් වැය කිරීමට සිදුව ඇත.

මේ හේතුව නිසා මේ වනවිට මේ වනවිට ඉන්දියාවෙන් ගෙන්වීමට යන නැනෝ නයිට්‍රජන් පොහොර ලීටර මිලියන 21.25 සඳහා ඇමෙරිකානු ඩොලර් හතලිස් දෙකෝට පනස් ලක්ෂයකට  ( මිලියන 425ක) ආසන්න මුදලක් එනම් ශ්‍රි ලංකා මුදලින් රුපියල් බිලියන 8.63කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුව ඇත.

මෙලෙස ඩොලර් 5.25කට මිලදී ගත හැකි බවට කැබිනට් පත්‍රිකාවේම සඳහන්ව තිබියදී ඒ සඳහා හාඩොලර් 10ක් ගෙවිය යුත්තේ  ඇයිද යන්න පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ කිසිදු කතා බහක් ඇති වුණු බවක් හෝ විමසීමක් සිදුවූ බවක් අනාවරණය වන්නේ නැත.

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජගත් විශේෂ නියෝජිතයෙකු 26 දා දිවයිනට

Next Post

එල්.පී. ගෑස්වල ප්‍රමිතිය හොඳයි ලු… ලිට්‍රෝ ගෑස් අලෙවි අධ්‍යක්ෂ මාධ්‍යට කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.