නතාෂා නෙත්මිණි
දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කරනවාට වඩා විදේශීය වශයෙන් ඖෂධ ආනයනයන කිරීමෙන් විශාල මුදලක් ඉතිරිකර ගත හැකි බව සෞඛ්‍යවෘත්තිකයින්ගේ විද්වත් ආයතනය පෙන්වාදේ.
එක්තරා ඖෂධ වර්ග 4ක් ආනයනය නොකර මෙරට නිෂ්පාදනය කිරීම හේතුවෙන් කෝටි 70ක පාඩුවක් රජයට සිදුවන බව හෙලිදරව් වී ඇතැයි විද්වත් ආයතනයේ කැදවුම්කරු රවී කුමුදේශ් සඳහන් කරයි.
ඖෂධවල මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ දේශීය සමාගමක් ඖෂධ නිෂ්පාදනය කිරීමේදී වට්ටම් හා කොමිස් ලෙස සියයට 42ක මුදලක් ඖෂධයේ වටිනාකමට එකතු කරන බැවින් යැයි ද හෙතෙම කියයි.
දේශීය ඖෂධ නිෂ්පාදන ආයතන සමග රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඇතිකර ගෙනතිබෙන ගිවිසුම් හේතුවෙන් එම ආයතන කොමිස් වට්ටම් ආදි ය දිය යුතු බැවින් ඒවා ඔවුන් ඖෂධයේ මිලට එකතු කීරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇතැයි ද පැවසේ.
.