එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්නෙන් බටහිර මුහුදේ සමුද්‍රීය ජීවීන්ට සිදුවී ඇති හානිය පිළබඳ විද්‍යාත්මකව විමසීම සඳහා හලාවත සිට මාතර මුහුදු තීරය දක්වා කළ ගවේෂණයක දී ලබා ගත් මිය ගිය මත්ස්‍යයන්ගේ සාම්පල ගණනාවක් අතරින් අහඹු ලෙස තෝරාගත් 15ක් අද නාරා ආයතනයේ පර්යේෂණාගාරයේ දී විශේෂ පර්යේෂණයකට භාජනය කෙරනි.
මෙහි මූලික අරමුණ වූයේ මෙම සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ ඇති ප්ලාස්ටීක් වැනි ආගන්තුක ද්‍රව්‍ය සම්බන්ධව දත්ත ලබා ගැනීමය.
සාම්පල එකක පමණ ප්ලාස්ටීක් කොටස් හමු වූ බවත් එම ප්ලාස්ටීක් කොටස් හමුවන්නේ ආහාර මාර්ගය තුළ නොව, කරමල් ආශ්‍රිතව බවත් නාරා අයාතනයේ ආරංචි මාර්ග හෙළි කළේය.
හෙට වනවිට එකතු කරගත් සාම්පලවල බාහිර ශරීර පෘෂ්ඨයන් යම් අහිතකර රසායනික ක්‍රියාවලියකට ලක් වී ඇති දැයි සෙවීමට අදාල පර්යේෂණ කෙරෙන බව ද එම ආරංචි මාර්ග පැවසුවේය.