අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මියන්මාර හමුදා පාලනය Twitter සහ Instagram ත් අවහිර කරයි

by Lanka Sara Editor
පෙබරවාරි 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මියන්මාරයේ පාලන බලය අල්ලා ගැනීමේ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව අන්තර්ජාලය තුළ අවහිර කරන ලද නවතම සමාජ ජාල වී ඇත්තේ ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ය. රටේ ප්‍රධාන අන්තර්ජාල සැපයුම්කරුවෙකු වන ටෙලිනෝර් තහවුරු කළේ “වැඩිදුර දැනුම් දෙන තුරු” වෙබ් අඩවි දෙකට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කරන ලෙසට නියෝග කර ඇති බවයි.

කුමන්ත්‍රණකාරී නායකයෝ සිය “ස්ථාවරත්වය” වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා ෆේස්බුක් අවහිර කළහ. ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ අවුන් සාන් සු කී ඇතුළු නායකයන් නිවාස අඩස්සියේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් සිවිල් ව්‍යාපාරයක් වර්ධනය වෙමින් තිබේ.

සරසවි ගුරුවරුන් සහ සිසුන් සිකුරාදා යැන්ගොන් නුවරට පැමිණ රටේ සැබෑ නායිකා අවුන් සාන් සූ කී සහ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ (එන්එල්ඩී) පක්ෂයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ට සහය පළ කළහ. හමුදා කුමන්ත්‍රණයට එරෙහිව යැන්ගොන් නගරය අඛණ්ඩව විරෝධතාවලට එක්වී තිබේ.

සූ කී නිවාස අඩස්සියේ සිටින බව ඇගේ නීතිඥවරයා පවසයි. පොලිස් ලියකියවිලිවලින් පෙන්වා දෙන්නේ ඇගේ නිවසේදී නීතිවිරෝධී ලෙස සන්නිවේදන උපකරණ – වෝකි ටෝකි ගෙන්වාගෙන භාවිතා කළ බවට චෝදනා ඇති බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මියන්මාර හමුදා කුමන්ත්‍රණයට විරෝධය දැක්වීමට ඔබ්බෙන් ගිය සංවිධානගත වීමේ ක්‍රියාවලිය හේතුවෙන් එරට තුළ සමාජ මාධ්‍ය අවහිර කිරීමට වත්මන් හමුදා පාලනය පියවර ගනිමින් සිටී.

අන්තර්ජාලය අවහිර කර ඇති අවස්ථාවක රටේ මූලික තොරතුරු හා ප්‍රවෘත්ති මූලාශ්‍රයක් වී ඇති ෆේස්බුක් හි පෙබරවාරි 1 කුමන්ත්‍රණය තථ්‍ය කාලීනව දිග හැරෙන බව බොහෝ මියන්මාර ජාතිකයින් දැක තිබේ. නමුත් දින තුනකට පසුව, හමුදා පාලනයේ ස්ථාවරත්වය හේතු කොට ගෙන සමාජ වේදිකාව අවහිර කරන ලෙස අන්තර්ජාල සැපයුම්කරුවන්ට නියෝග කරන ලදී. තහනමෙන් පසුව, දහස් ගණන් පරිශීලකයින් ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් හි හැෂ් ටැග් භාවිතා කරමින් අවහිර කළ
අන්තර්ජාල ඉඩ විරෝධය පළකිරීම උදෙසා යළි සොයා ගැනීමට කටයුතු කළහ. ප්‍රතිඑලය වූයේ සිකුරාදා එරට වේලාවෙන් 22:00 වන විට (GMT 15:30) එම වේදිකාවලට ප්‍රවේශ වීම ද ප්‍රතික්ෂේප වීමය.

කුමන්ත්‍රණ නායකයින්ගෙන් ඒ පිළිබඳ නිල වචනයක් හෝ පවසා නැති නමුත් ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සිය කියා සිටියේ තහවුරු නොකළ අමාත්‍යාංශ ලේඛනයක් තමන් දුටු බවයි. එමඟින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි දෙක “මහජනතාව අතර වරදවා වටහා ගැනීමක්” ඇති කිරීම සඳහා යොදා ගැනෙන බවට සඳහන් කර තිබී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලර් මිලියන 400 ගෙවන්න වැඩිපුරත් මාස 03ක් දුන්නා… ඊට වඩා අපහසුයි…

Next Post

ජාතික බීජ පනත ජාතික විහිළුවක් වූ හැටි විගණනය හෙළි කරයි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.