දිනසේන රතුගමගේ –
මුලතිව් කේපාපිලව් ගුවන් හමුදා කඳවුරු ආගන්තුක රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින මියන්මාර් සරණාගතයින් අතර සිටි කාන්තාවක් මුලතිව් රෝහලේදී ඊයේ (21) පිරිමි දරුවකු ප්‍රසූත කොට තිබේ.
යුද ගැටුම් හේතුවෙන් වෙනත් රටකට පලා යාම පිණිස මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් 105 දෙනෙකු බෝට්ටුවලින් ගමන් කරමින් සිටියදී බෝට්ටු වරින් වර අනතුරට පත් වීමෙන් පසුව ඒ සියලුම දෙනා රැගත් එක් බෝට්ටුවක් අවසානයේදී මුලතිව් බටහිර වෙරළ දෙසට පාවී පැමිණ තිබුණි.
නාවික හමුදාව ඔවුන්ව අත් අඩංගුවට ගෙන ත්‍රිකුණාමළයට රැගෙන යාමෙන් පසුව අධිකරණ නියෝග මත ඔවුන්ව මුලතිව් ගුවන් හමුදා කඳවුරේ අලුතින් පිහිටුවන ලද ආගන්තුක රැඳවුම් මධ්‍යස්ථානයක රඳවනු ලැබීය.
එහි සිටි ගැබිණි මවක් ඊයේ රාත්‍රියේදී අසනීප තත්ත්වයක් පෙන්නුම් කළ නිසා ඇයව මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවමෙම දරු උපත සිදුවී තිබේ.
මියන්මාර් කාන්තාව විසින් ප්‍රසූත කළ දරුවාට නීතියට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දීමට සිදුව ඇත.
දරුවා හා දරුවා ප්‍රසූත කළ මව මනා ශරීර සෞඛ්‍යයෙන් සිටින බව මුලතිව් රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කොට සිටියි.







