මිය ගිය ස්වකීය සහෝදරයාගේ නමින් ව්‍යාජ ලිපි ලෙඛණ සකස් කර ආදි ශිෂ්‍ය පදනම මත සිය දරුවාව මහනුව උසස් බාලක පාසලකට ඇතුළත් කළ පුද්ගලයෙක් සම්බන්ධව මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණයක් අරඹා තිබේ.
පරීක්ෂණයට අදාලව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නිල පරිගණක යන්ත්‍ර සමූහය මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇත.
මියගොස් සිටින පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ වෛද්‍යවරයෙකි. වෛද්යවයාගේ සහෝදරයාගේ දරුවා ආදි ශිෂ්‍ය පදනම මත පාසලට ඇතුළත් කිරීමට අවශ්‍ය ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමට ආදි ශිෂ්‍ය සංමයේ ප්‍රධානියෙකුගේ ද සහාය ලැබී ඇතැයි මූලික විමර්ශනවල දී හෙළි වී ඇත.
මිය ගිය වෛද්‍යවරයාගේ දරුවෙකු ද ලබන වසරේ අදාළ පාසලට ආදි ශිෂ්‍ය පදනම යටතේ ඇතුළත් කිරීමට නියමිතව බැවින් ඒ සම්බන්ධ ලියකියවිලි සකස් කිරීමට යාමේ දී සැමියා ගේ නමින් දරුවෙකු පාසලට ඇතුළත් කර තිබෙන බව බිරියට අනාවරණය වීමෙන් මෙම ප්රශ්නය මුලින්ම මතු වී තිබේ.
ඉන් පසුව වෛද්‍යවරයාගේ බිරිය ඒ පිළිබඳ මුලින් විදුහල්පතිවරයාට ද පසුව පොලීසියට ද දැනුම් දී ඇත.
පසුව විදුහල්පතිවරයා ද මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලක් ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව පරීක්ෂණ මෙහෙයවූ පොලිසිය තමන් භාරයට ගත් පරිගණකය රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලුවේය.
එම ඉල්ලීම සලකා බැලූ මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා ලබා දුන් අවසරය අනුව අදාළ පරිගණකය රස පරීක්ෂක වෙත යොමු කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.