බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනිස්සු ලෝකයේ මරණය තීරණය කරති…  මිනිසුන් නිසා ඇතිවුන ගෝලීය උණුසුම ජීවයේ පදනමත් වනසන අයුරු…

by editor
පෙබරවාරි 12, 2023
in පුවත්

Share on FacebookShare on Twitter

ඒමන්ති මාරඹේ –

දේශගුණික විපර්යාසයන් හේතුවෙන් වැඩි වෙමින් පවතින ගෝලීය උණුසුම නිසා ලොව පුරා රටවලින් වාර්තා වෙමින් පවතින ස්වභාවික ව්‍යසනයන්ගේ ප්‍රමාණය වර්ධනය වෙමින් පවතී.

වෙනත් කාලවලට වඩා ලැබෙන වර්ෂාපතනයේ අධික වැඩි වීමක් ,උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාමක් ,ජල ගැලීම් වෙනත් කාලවලට වඩා වැඩි වීමක් ,හිම පතනය දරුණු වීමක් ,දිගුකාලීනව පවතින නියඟයන් ඇති වීමක්  ,දේශගුණයේ වෙනස් වීමත් සමගම මිනිසාට ඇති වන රෝගාබාධයන් වර්ධනය වීමක් වැනි බලපෑම් මේ අතරින් ප්‍රධාන වී තිබේ.

ඕස්ට්‍රේලියාවෙන් වාර්ෂිකව වාර්තා වන ලැවි ගිනි දරුණු වීමටත් ඒවා මෙයට දශකයකට පෙර ඇවුලුනාට වඩා වැඩි කාල සීමාවක්  ඇවිලීමටත් ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේද මෙම දේශගුණික විපර්යාසන්ය .

එංගලන්තයේ අගනුවර වන ලන්ඩන් නගරය හා නගරයේ පළාත් පාලන ආයතන ප්‍රදේශ 32ක එකතුවේ වර්ග ප්‍රමාණයකින් යුතු විශාල අයිස් තට්ටුවක් ඉකුත් ජනවාරි 29 වැනිදා   ඇන්ටාක්ටික් කලාපීය අයිස් තට්ටුවෙන් ගැලවී ගොස් ඇත්තේ ගෝලීය උණුසුමෙහි නවතම මුහුණුවර ලොවට පසක් කරවමිනි.   .මෙම අයිස් තට්ටුව දිය වෙමින් පවතින බවට විද්‍යාඥයන් විසින් මුල් වරට අනාවරණය කරන ලද්දේ මෙයට දශකයකට පමණ පෙර වන අතර  එය  ප්‍රධාන අයිස් තට්ටුවෙන් බිඳී යමින් පවතින බව අනාවරණය වී ඇත්තේ වසර දෙකකට පමණ පෙරදීය. මෙසේ බිඳී ගොස් ඇති අයිස් තට්ටුවේ ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 1550කට අධිකය. එම අයිස් තට්ටුව බිඳි ගොස්  තිබුණු ආකාරය CBC පුවත් ඒජන්සිය වාර්තා කර තිබූ ආකාරය  පහත  වීඩියෝවේ දැක්වේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

 

ලෝක සිතියමෙන් වැළලීයාමට නියමිත   ග්‍රීන්ලන්තය –

ගෝලීය උණුසුමෙහි ප්‍රතිපලයක් වශයෙන් අයිස් තට්ටු දිය වෙමින් පවතිනුයේ ඇන්ටාක්ටික් කලාපයේ පමණක් නොවේ. වෙනත් කලාපවලද එම තත්ත්වය පවතී. විද්‍යාඥයන්ට අනුව  ආක්ටික් මුහුදේ පවතින අයිස් කඳු ප්‍රමාණය 1978 වසරේ සිට සියයට 40කින් අඩු වී ඇති අතර ස්විට්සර්ලන්තයේ පවතින හිම ග්ලැසියර 1400න් හරි අඩකට වැඩි සංඛ්‍යාවක් ඉකුත් වසර 85ක කාලය තුළදී දියෙහි ගිලි ඇත්තේ ගෝලීය උණුසුම හේතුවෙන් මුහුදු ජලයේ උෂ්ණත්වයද ඉහළ යාමේ ප්‍රතිපලයක් වශයෙනි .

ලොව දෙවැනි විශාලතම අයිස් තට්ටුව පවතින ග්‍රීන්ලන්තයෙන් සියයට 80ක්ම වැසි පවතිනුයේ අයිස් තට්ටුවලිනි. ගෝලීය උණුසුම වැඩි වීමත් සමගම මුහුදු ජලයේ උෂ්ණත්වයද ඉහළ යමින් පවතින අතර එම තත්ත්වය මත මුහුදේ එරටට අයත් හිම ග්ලැසියර දිය වීමේ ක්‍රියාදාමය තවත් වේගවත් වී ඇති බව විද්‍යාඥයන් මෑතකදී නිවේදනය කර තිබිණි.

විද්‍යාඥයන් විසින් අලුතින් සිදු කර ඇති අධ්‍යයනයන්ට අනුව ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටු දිය වී යාමේ වේගය වසරකට අයිස් මෙට්‍රික් ටොන් බිලියන 250කි. ගෝලීය උණුසුම හේතුවෙන් මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යාම මෙන්ම වායු ගෝලයේ උෂ්ණත්වය ඉහළ යාම යන කරුණු මත එරට අයිස් තට්ටු දිය වී යාම වේගවත් වීමේ අවසන් ප්‍රතිපලය වනුයේ ඉදිරියේදී ග්‍රීන්ලන්තය ලෝක  සිතියමෙන් අතුරුදන් වන තත්ත්වයක් බව විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබේ .

නැගෙනහිර ග්‍රින්ලන්තයේ අයිස්දි කඳු දියවෙමින් ඇති අයුරු

මහා බාධක පර්වතයට සිදුවන දේ

.ලොව ස්වභාවික පුදුම හතෙන් එකක් සේ සැළකෙන  ඔස්ට්‍රේලියාවට අයත් ගෝලීය සංරක්ෂණ කලාපයේ පිහිටි මහා බාධක පර්වතය (ග්‍රේට් බැරියර් රීෆ් ) මේ වන විට විනාශ වෙමින් පවතිනුයේද දේශගුණික විපර්යාසයන් හේතුවෙන් හටගෙන ඇති ගෝලීය උණුසුම හේතුවෙනි. .ගෝලීය උණුසුම වැඩි වීමත් සමගම මුහුදේ උෂ්ණත්වය ඉහළ ගොස් ඇති අතර එහි ප්‍රතිපලයක් වශයෙන් කොරල් පරය සුදු පැහැ ගැනීමත්   මුහුදු ජලයේ ආම්ලිකතාවය වැඩි වීම  හේතුවෙන් කොරල් පර ඇති වීමට හේතු වන කැල්සියම් කාබනේට් දිය කර හැරීමත්  නිසා එය වර්ධනය වීම අඩාල වී තිබේ ..

අනෙක් අතට දේශගුණික විපර්යාසයන් හේතුවෙන්  කැලිෆෝනියාවේ හටගෙන ඇති  තදබල කුණාටු සහිත කාලගුණ තත්ත්වයට  මේ වන විට මාස ගණනක් සම්පුර්ණ වී තිබේ .තවමත් එම කුණාටු සහිත කාලගුණ තත්ත්වය පහව ගොස් නොමැති අතර දැඩි සුළං සහිත අධික වර්ෂාව ,දරුණු ජල ගැලීම් හා හිම කුණාටු අඛණ්ඩව සිදු වෙමින් පවතින බව වාර්තා වේ . ඉකුත් ජනවාරි මස මැද භාගය වන විට කැලිෆෝනියා ප්‍රාන්තයේ මිලියන 25 ක ජනතාවක් ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටි අතර 20කට ආසන්න සංඛ්‍යාවක් දරුණු කුණාටු හේතුවෙන් මරණයට පත්ව තවත් දස දහස් ගණනක් අවතැන්ව සිටියහ .

view-Great-Barrier-Reef-Australia-coast
මහා බාධක පරය…

ලැව්ගිනි සහ ජල ගැලීම් –

දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වාර්ෂිකව ඇති වන ලැව් ගිනි ඇවිලීම තවත් දරුණු වී ඇති අතර ඒවා වෙනත් කාලවලට වඩා වැඩි කාලයක් ඇවිලීමටද එම තත්ත්වය හේතු වී ඇත .ඔස්ට්‍රේලියාව බලශක්තිය නිපදවීම සඳහා ගල් අඟුරු භාවිත කරන ප්‍රධාන පෙළේ රටක් වීම හේතුවෙන් ගල් අඟුරු දහනය කිරීමෙන් වැඩි කාබන් ප්‍රමාණයක් වායුගෝලයට එක් කිරීමද එරට දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම වැඩි වීමට හේතු වී ඇත

වෙනත් වසරවලදී ඇද හැලෙන වර්ෂාපතනය මෙන් සියයට 190 ක් වැඩි වර්ෂාපතනයක් ඇද හැලීම හේතුවෙන් හටගත් ජල ගැලීම්වලින්  ඉකුත් වසරේදී පකිස්තානයේ මුළු භුමි භාගයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් ජලයෙන් යට විය , මේ සා දැවැන්ත ව්‍යසනයක් හටගැනීමට මුල් වූ අධික වර්ෂාපතනයට හේතු වී තිබුණේ   දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ඇති වී තිබෙන ගෝලීය උණුසුමයි .ඉකුත් ජුලි මාසය 1961 වසරෙන් පසු පකිස්ථානයේ දක්නට ලැබුණු දරුණුම වැසි සහිත මාසය  වන අතර මෙම වර්ෂාව හේතුවෙන් පකිස්ථානයේ කෘෂිකාර්මින ඉඩම් රැසක් ජලයෙන් යට වීය .

මේවාට අමතරව ඇන්ටාක්ටික් කලාපයේ හිම ග්ලැසියර් දිය වීම ,මුහුදෙහි පවතින අයිස් තට්ටු අහිමි වීම මේවායේ බලපෑම හේතුවෙන් මුහුදු ජලයේ මට්ටම ඉහල යාම ,පරිසර පද්ධතිය බිඳ වැටීම ,ජල උල්පත් සිඳී යාම වැනි බලපෑම්ද ගෝලීය උණුසුමෙහි ප්‍රතිපලයන් වශයෙන් හටගෙන තිබේ .

ඔස්ට්‍රේලියාවේ ලැව්ගින්නක් 2021

මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන හරිතාගාර වායු සිදුකරන ව්‍යසනය

මේ සා විශාල බලපෑමක් මහජනතාවට සිදු කිරීමට  මුල්ව ඇති දේශගුණික විපර්යාසයන් හටගෙන ඇත්තේ මිනිසාගේම අහිතකර ක්‍රියාවන්හි ප්‍රතිපලයක් වශයෙනි. දේශගුණික විපර්යාසයන් ඇති වීමට බලපා ඇති ප්‍රධානතම හේතුව වනුයේ ආශ්වාස කිරීමට සුදුසු නොමැති හරිතාගාර වායුන්)  පරිසරයට මුදා හැරීම වැඩි වීමයි .දහනය කරනු ලබන ෆොසිල ඉන්ධන ප්‍රමාණය වැඩි වීම ,තෙත් වනාන්තර විනාශ වීම වැඩි වීම යන කරුණු හේතුවෙන් මිහිතලය උණුසුම් වීම වැඩි වී ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස රටවල ශීත ඍතුව දරුණු වීමටත් ,උණුසුම් කාලගුණ  තත්ත්වය සම පිළිස්සෙන තරම්  දරුණු  වීමටත් හේතු වී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව වාර්ෂිකව මිනිසා විසින් නිෂ්පාදනය කරනු ලබන ගල් අඟුරු ,ගෑස් හා තෙල් දහනය කිරීම හේතුවෙන්  වායුගෝලයට එකතුවන කාබන්ඩයොක්සයිඩ් ඇතුළු ආශ්වාස කිරීම නුසුදුසු හරිතාගාර වායුන් ප්‍රමාණය ටොන් බිලියන ගණනකි .මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයට එකතු වන කාබන් ප්‍රමාණය සැම වසරකදීම වැඩි වනවා මිසක අඩු වීමක් සිදු වන ලකුණු පෙනෙන්නටවත් නොමැති බව විද්‍යාඥයෝ සඳහන් කර සිටිති . ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට අනුව පරිසරයට මුදා හැරෙන හරිතාගාර වායුන් ප්‍රමාණය    සීමා කිරීමට අපොහොසත් වුවහොත් මිහිතලයේ උණුසුම තවත් වැඩි වී වසර 2100 වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3කින් පමණ ඉහල යාමේ අවදානමක් පවතී.  ගෝලීය උණුසුමට මුල් වී ඇති දේශගුණික විපර්යාසයන් හේතුවෙන් වසර 2030 සිට 2050 දක්වා වූ කාලය තුළ ලොව පුරා අධික උණුසුම හේතුවෙන් හටගන්නා ආතතිය හේතුවෙන්  දෙලක්ෂ පනස් දහසක් පමණ දෙනා මිය යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනටමත්  අනතුරු අඟවා තිබේ

හරිතාගාර වායු විමෝචනය

.

2015 දී එළැඹි තීරණ

වසර 2015 දී ප්‍රංශයේ පැරිස් නගරයේ පැවති දේශගුණික විපර්යාසයන් සම්බන්ධ සමුළුවේදී  එළඹුණු තීරණයක් වුයේ ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 2 ඉක්මවා යාමට ඉඩ නොදී සෙල්සියස් අංශක 1.5 මට්ටමක පවත්වා ගෙන යමින්  ගෝලීය උණුසුම පාලනය කිරීමය.

එහෙත් ඒ සීමාව ඵලදායී ලෙස ක්‍රියාත්මක වනු නොපෙනේ.  වර්තමානයේ පරිසරයට මුදා හැරෙන කාබන් ඇතුළු හරිතාගාර වායුන් ප්‍රමාණය සීමා නොකළහොත් වසර 2100 වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක තුන ඉක්මවමින් අපගේ පරිසර පද්ධතියට නැවත හැරවිය නොහැකි හානියක් සිදු කරනු ඇති බවට ජාත්‍යන්තර කාලගුණ සංවිධානය විසින් නිකුත් කර ඇති අලුත්ම වාර්තාවේ සඳහන් කර තිබේ .

මේ වනවිට  ගෝලීය උෂ්ණත්වය අධික වී පෙර නොවූ විරු අයුරින් කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව පවතින හිම ග්ලැසියර හා අයිස් තට්ටු   දිය වෙමින් ඇත.  ඒ හේතුවෙන් මුහුදු ජල මටටම්ද ඉහළ යමින් පවතින බව වාර්තා වී තිබේ.

ලංකාවේ ඉරණම –

මෙම දේශගුණික විපර්යාස  ශ්‍රී ලංකාවටද නුදුරැ අනාගතයේදී දැඩි බලපෑම් එල්ල කරනු ඇති බවට පාරිසරික විද්‍යාඥයන් විසින් අනතුරු අඟවා තිබේ .

ඒ අනුව වසර 2030 වන විට මෙරට දැඩි නියං තත්ත්වයක් හටගනු ඇති බවට දැනටමත් අනාවැකි පළ වී ඇත.  දේශගුණික විපර්යාසයන් හේතුවෙන් වසර 2050 පමණ වන විට දැඩි නියඟයක් හටගෙන ඒ හරහා කෘෂි අස්වැන්න අඩු වීමෙන් රට තුළ ආහාර හිඟයක් හටගනු ඇති බව එම විද්‍යාඥයෝ පවසති.

මෙවැනි අනාවැකියක් පළ කර තිබුණද මෙතෙක් එවැනි තත්ත්වයකට මුහුණ දීම සඳහා ගත යුතු පියවර පිළිබඳව හෝ ඉදිරි සැලැස්මක් සකස් කිරීම පිළිබඳව බලධාරීන් විසින් කිසිවක් නිශ්චිතව ප්‍රකාශ කර නොතිබීම කණගාටුවට කරුණකි .

ලොව සෙසු රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද පරිසරය සුරැකීම සඳහා අනුගමනය කරමින් සිටිනුයේ  මන්දගාමී ප්‍රතිපත්තියක් බව මෙයින් සනාථ වේ. පරිසරය සුරැකීම සඳහා නිසි පියවර කඩිනමින් නොගතහොත් ඉදිරියේදී දැඩි ව්‍යසනකාරී තත්ත්වයක් නිර්මාණය වීමේ අවදානම වැඩි වෙමින් පවතින බැවින් ඒ සඳහා දැන් සිටම ස්ථීරසාර ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කිරීම බලධාරීන්ගේ යුතුකම මෙන්ම වගකීමකි .

drought

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මූලික වැඩ සඳහා ඉල්ලූ මිලියන 770න් මිලියන 100ක් ලැබිලා !

Next Post

කටාන කර්මාන්තශාලාවක ගින්නක්…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.