මින් ඉදිරියට රුසියානු හමුදාවට ශ්‍රී ලාංකිකයන් බඳවා නොගැනීමට රුසියානු සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් එකඟතාවයකට පැමිණ ඇතැයි වාර්තා වේ.
මේ දිනවල රුසියාවේ පැවැත්වෙන BRICS සංවිධානයේ විදේශ ඇමතිවරුන්ගේ සමුලුවට එක් වී සිටින විදේශකටයුතු අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්රි සහ රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජෙයි ලැව්රොව් අතර පැවති ද්වි පාර්ශවික සාකච්ඡාවලදී රුසියානු යුක්රේන යුද්ධය සඳහා රුසියානු පාර්ශවයෙන් සටන් වැදීමට ශ්‍රි ලංකා හමුදා සෙබලුන් එක්වීමෙන් ඇති වූ ගැටලුකාරී තත්ත්වය ගැන විදේශ අමාත්‍යවරයා රුසියානු විදේශ අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළ බවය.
විදේශකටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු නියෝජිත පිරිසක් සහ රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායමක් අතර එළඹෙන 26 හා 27 දිනවල පැවැත්වීමට නියමිත සාකච්ඡාවේ දී ද මේ පළිබඳ අවධානය යොමු කිරීමට දෙරටේ විදේශ අමාත්‍යවරුන් එකඟ වී ඇතැයි වාර්තා වේ.
විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න අද මාධ්‍ය හමුවකදී පැවසුවේ රුසියානු තානාපති කාර්යාලය යුද කටයුතු සඳහා යන ශ්‍රී ලාංකිකයන්ට වීසා නිකුත් කිරීම නවත්වා ඇති බවය. කෙසේ වෙතත් මේ ආකාරයෙන් රුසියානු යුද්ධයට ගිය පිරිස ගොස් තිබුණේ යුද කටයුතු සඳහා නොව සංචාරක වීසා මත සාමාන්‍ය සංචාරකයින් ලෙස බව පසුගිය වකවානුව පුරාම වාර්තා විය.









