බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැරෙන්න පෙර මධුෂ් හෙළි කළ මහ කුඩු ජාවාරමුන් හතරදෙනාගේ පැටිකිරිය….

by editor
ඔක්තෝබර් 29, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

පාස්කු ප්‍රහාර විමර්ශනය – ගෝඨාභය සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම්…

මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස වැජඹුණු මාකදුරේ මධුෂ් ඩුබායි රැදී සිටින කාලයේදී මෙරට ගුවන් විදුලි නාලිකාවක මාධ්‍යවේදියකු  සමග පැවැති අදහස් දැක්වීමක් මධුෂ්ගේ මරණයත් සමග අන්තර් ජාලයේ සැරිසැරුවේය.  එහිදී මධුෂ් කියන්නේ ඔහු මත් කුඩු ජාලයට රිංගන්නේ මත්කුඩු ජාලය ගැන කරුණු සොයා බැලීමට බවයි. මත්කුඩු ජාවාරම්කරුවෙක් ලෙස තමාව හදුන්වනවාට කැමැත්තක් නොදක්වන බවද එම හඩ පටයේ සදහන්ය.

ඒ අතරේ මධුෂ්  මෙරට මත්කුඩු ජාලය මෙහෙයවන ප්‍රධාන ජාවාරම්කරුවන් යැයි පුද්ගලයින් සිව් දෙනෙකුගේ නම් හෙළි කළේය.. ඒ දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින නම ගිය මත්කුඩු ජාවාරම්කරුවෙක් වන වෙලේ සුදා, සිද්ධික් , මොරිල් සහ සමිත් ජාන් යන සිව් දෙනාය.

වෙලේ සුදා හැරුණු කොට සෙසු තිදෙනාම සිටින්නේ නිදැල්ලේය. ඔවුන් සියළු දෙනාම මේ වනවිට මත්කුඩු ජාවාරමේ නිරතව සිටින්නේ ඩුබායි හී රැදී සිටිමිනි. මේ අතර සිටින සමිත් ජාන් යැයි නම කියැවෙන මත්කුඩු ජාවාරම්කරු පකිස්තාන් ජාතිකයෙකි.

මධුෂ් මේ සිව් දෙනාගේ නම් පමණක් සඳහන් කරමින් මෙරට මත්කුඩු ජාලයේ තවත් එක් ප්‍රධාන පුරුකක් වන  මුජහිඩ්ගේ  නම සැගවූයේය. ඒ මධුෂ්ගේ මත්කුඩු ජාලයේ ලොක්කා වන්නේ මුජහිඩ් වන බැවිනි. වෙලේ සුදා , සිද්දික්, මොරිල් සහ සමිත් ජාන්ට වඩා දේශපාලනික මෙන්ම ව්‍යාපාරික වශයෙන්ද බලවත් පුද්ගලයෙක් වන මුජහිඩ් ද මත්කුඩු ජාලය මෙහෙයවන්නේ ද  ඩුබායිහී සිටය..

මරණීය දණ්ඩනයෙනුත් ගැලවුණු  සමිත් ජාන් කවුද?

පකිස්ථානයෙන් ආනයනය කිරීමට සූදානම්ව තිබූ මත් කුඩු තොගයක්..

මධුෂ් නම් හෙළිකළ මත්කුඩු ජාවාරමේ ලොකුම පුරුක් අතර සිටින  සමිත් ජාන් පාකිස්තාන ජාතිකයෙකි. ඔහු  මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් මෙරට පොලිස් අත්අඩංගුවට පත්වූ අතර  මෙරට අධිකරණයෙන් 2010 වසරේ මරණිය දණ්ඩනයද නියම වීය. ඒ පකිස්තානයේ සිට මෙරටට ගුවන් මගින් හෙරොයින් තොග රැගෙන ඒමේ වරදටය.  එහෙත් ඔහු වැඩි කලක් මෙරට බන්ධනාගාරයේ රැදී සිටියේ නැත. පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කර ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ අවබෝධතා ගිවිසුමට අනුව සමිත් ජාන් පකිස්තානයට භාර කළේය. සමිත් ජාන්ට මෙරටින් නියම කළ මරණීය දණ්ඩනය වෙනුවට පකිස්තානයේදී ඔහුට ලැබෙන්නේ නිදහසය. එදා හොර රහසේ ගුවන් මගින් සුළුවෙන් මත්කුඩු මෙරටට රැගෙන පැමිණි සමිත් ජාන් අද එතෙර සිට මහා පරිමාණයෙන්  මත්කුඩු ජාවාරම මෙහෙයවන්නේය. ඒ සදහා ඔහුට ආශිර්වාදයක් වී ඇත්තේ මෙරට බන්ධනාගාරගතව සිටි කාලයේදී  දැන හඳුනාගත් සෙසු කුඩු ජාවාරම්කාර සිරකරුවන්ය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ තොරතුරුවලට  අනුව මෙරට මත්කුඩු ජාලයේ සමිත් ජාන් ප්‍රධාන ජාවාරම්කරුවෙකි. ඔහු මත්කුඩු ජාලය මෙහෙයවන්නේ ද යැයි කියන්නේ ඩුබායි හී රැදී සිටිමිනි. සමිත් ජාන් පාකිස්තානයේ ඇතැම් දේශපාලනඥයන් සමගද ඉතා කිට්ටු සම්බන්ධයක් ඇති අතර එරට ආරක්ෂක අංශවලින්ද රැකවරණය ලැබෙන බවද කියති. පකිස්තානයේ සිට ඔහු මෙරටට මත්කුඩු එවන්නේ යැයි හෙළිවී ඇත්තේ වරකට හෙරොයින් කිලෝ සිය ගණනනි.

මධුෂ් වගේම නාකොටික් නිලධාරිනුත් අල්ලා දුන් අන්නාසි මොරිල්  

 

මෙරට මත්කුඩු ජාලායේ තවත් එක් මහ මොළකරුවෙක් වන්නේ  ඇන්තනී මයිකල්  මොරිල් නොහොත් කිරුළපනේ මොරිල්ය. අන්නාසි මොරිල් යැයි කියාද ඔහුට කියයි. ප්‍රංශය, එංගලන්තය, ඉතාලිය යන රටවලද විටෙන් විට සිය නවාතැන් පොල බවට පත්කරගෙන සිටින ඔහු මත්කුඩු ජාලය මෙයෙවන්නේ ඩුබායි කේන්ද්‍රකර ගෙනය. පසුගිය වසරේ පෙබරවාරි 04 වෙනිදා පැවැති සිය දියණියගේ උපන්දින සාදයේදී  ඩුබායි  පොලිසියට මධුෂ්ව කොටුකර දුන්නේ යැයි කියන්නේ ද මොරිල්ය.  ඒ ඩුබායිහී පොලිසියේ සිටින ඉරාන් ජාතිකයන් මොරිල්ගේ මිතුරන් බැවින් ඒ අය ඔස්සේය.  එසේ ඩුබායි පොලීසියට  මධුෂ්ව ඔහු කොටුකර දෙන්නේ මත්කුඩු ආරවුලක් මුල්කරගෙන දෙදෙනා අතර ඇතිවුණු ආරවුලක් දුරදිග යාමෙනි. මාකදුරේ මධුෂ්  මත්කුඩු ජාලය මුල් කාලයේ මෙහෙයවනු ලැබුවේ මොරිල් සමග එක්වය. දෙදෙනා අතර හිත් අමනාපයට මුල 2018 වසරේදී මොරිල්ට අයත් මත්කුඩු කිලෝ 178 ක් දෙවුන්දර වෙරළින් ගොඩ බාමින් සිටියදී පොලිස් වෙස්ගත් මධුෂ්ගේ ගෝලයින් පිරිසක් විසින් කොල්ලකෑමකි.

මොරිල් මෙරට මත්කුඩු ජාලය මෙහෙයැවූයේ කිලෝ සිය ගණනිනි. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව  පහුගිය 2018 වසරේ දෙසැම්බර් 12 වෙනිදා බේරුවලින් අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 231 ද මොරිල්ගේය. සී ෂෙල්ස් දූපත් රජ්‍යයටද මත්කුඩු බෙදා හැරීමේ ජාලයේ ප්‍රධාන පුරුක වන්නේ මොරිල් බව හෙළි වී තිබේ. ඊට අමතරව අප්‍රිකානු රටවල් රැසකටද ඩුබායි සිට මොරිල් මත්කුඩු බෙදා හැරියේ ජාත්‍යන්තරය තෙක්ම ඔහුගේ බලය ව්‍යාප්ත කරමිනි. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව පසුගිය වසර දෙකක කාලය තුළ මොරිල්ගේ මත්කුඩු ජාලය බිද දැමීමට වැටලීම් රැසක්ම දියත් කළේය. ඒ පිටුපස සිටියේ වෙලේ සුදාය. මරණිය දණ්ඩනය නියම වී බන්ධනාගාරගතව සිටි වෙලේ සුදා ඒ  සියල්ල කළේ ජංගම දුරකථනයේ ආධාරයෙනි. ඒ මරණිය දණ්ඩනයෙන් නිදහස උරුම වී පොදු සමාවක් අපේක්ෂාවෙන් වෙලේ සුදා එසේ හැසුරුණු බව දන්නෝ දනිති.

වෙලේ සුදාගේ ඔත්තුවෙන් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව මොරිල්ගේ මත්කුඩු ජාලයට පහර ගසන විට මොරිල් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයටත් විශේෂ කාර්ය බලකායටත් ප්‍රති ප්‍රහාර එල්ල කරන්නේ එම අංශ දෙකේ නිලධාරීන් විසින් කරනු ලැබූ මහා පරිමාණ මත්කුඩු ජාවාරමක් හෙළි කිරීමෙනි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසක් අදටත් බන්ධනාගරගතව සිටින්නේ එබැවිණි. එය මාකදුරේ මධුෂ් ඩුබායි පොලීසියට කොටුකර දීමට නොදැවෙනි ගේමකි.

මෙසේ පොලීසිය සමග සෙල්ලම් කරමින් මත්කුඩු ජාවාරම   මෙහෙයනව මොරිල් උපත ලබා ඇත්තේ 1972 වසරේ ජනවාරි 17 වෙනිදායි. ඔහු පදිංචිව සිට ඇත්තේ කිරුළපන සිද්ධාර්ථ පාරේ නිවසකයි. පියා නගර සභාවේ කම්කරුවෙකි. පවුලේ සාමාජිකයන් 07 දෙනෙක් සිටිති. මත්කුඩු සමග ඔහු පළමුවතාවට අත්අඩංගුවට පත්වී ඇත්තේ   1996 වසරේදීය. ඒ සුරාබදු නිළධාරීන්ගේය. හෙරොයින් ග්රූම් 70 ක් සමගිණි.  නැවතත් මොරිල් අත්අඩංගුවට පත්වන්නේ 2001 වසරේ ජනවාරි 31 වෙනිදාය. ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයටය. හෙරොයින් කිලෝ 02 යි ග්රෑම් 605 ක් ඔහු සන්තකයේ තිබී එවර හමුවී ඇත.

එහිදී  දීර්ඝ කාලයක් රිමාන්ඩ් රැදවූවෙක් ලෙස ඔහුට සිද්ධ වෙන්නේ වැලිකඩ බන්ධනාගාරයේ සිටින්නය. වැලිකඩ බන්ධනාගරයේ ඔහුට හිටපු හොදම මිතුරා රමේෂ්ය. ඔහු  තෙල් බාලා නම් මහා පරිමාන මත්කුඩු ජාවාරම්කරුගේ වැඩිමහල් සහෝදරියගේ පුතාය.  තෙල්බාලා ඒ වන විට රැදී සිටියේ ඉන්දියාවේය. ඒ එල්.ටී.ටී.ඊ.ය සමග එක්ව ඔරුගොඩවත්තේ ගෑස් ගබඩාවට ප්‍රහාර එල්ලකිරීමට සහය වීමේ චෝදනාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයමින් සිටි බැවිණි.  රමේෂ් හරහා ඒ වන විටත් මොරිල් ඉන්දියාවේ සිටි රමේෂ්ගේ මාමා වන තෙල්බාලා සමගින් හිතවත්කමක්ද  ගොඩනගා ගනිමින් සිටියේය. මොරිල් මත්කුඩු ජාවාරමේ ඉහළට යන්නේ තෙල්බාලාගේ ආශිර්වාදය ඇතිවය.

පොලිස් වාර්තාවලට අනුව 2006 අවුරුද්දේ ජුනි 05 වෙනිදා මොරිල්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිවී ඇත . ඒ වනවිටත් ඔහු  අවුරුදු හයකට වැඩි කාලයක්ම සිට ඇත්තේ රිමාන්ඩ් සිරකරුවෙක් ලෙසිණි. මේ කාලය පුරාම ඔහු දුරකතන ඔස්සේ මත්කුඩු ජාලය මෙහෙයමින් සිට ඇත්තේ තෙල් බාලා සමග සම්බන්ධ වෙමිනි.

ජීවිතාන්තය දක්වා තමන්ට ලද දඩුවම මොරිල් පිලිගත්තේ නැත. අභියාචනාධිකාරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය. කෝටි ගණනක්  මුදල් ඔහු වියදම් කළේය. වසර  දෙකක් යනවිට ඔහුගේ  නඩුව ඇහෙන්න ගත්තේය.   ඒ අනුව  ඔහු අභියාචනයෙන් නිදහස ලබන්නේ ඔහුට එල්ල කෙරුණු මත්කුඩු ජාවාරම් චෝදනාවෙන් නිදොස් කොටය.  නිදහස ලැබුණු ගමන් ඔහු පවුල පිටින් පැනගත්තේ ඩුබායි රාජ්‍යයයට. එදා ඉඳන් ඔහු ඉන්නේ ඩුබායි රටේය. ලංකාවේ දේශපාලනඥයන් බොහෝ  දෙනෙක් මොරිල්ගේ මිත්‍රයින්ය. ඒ වගේම තමයි මොරිල් සමඟ අපේ රටේ  කලාකරුවන් රැසක් ද හිතවත්ය. කොවිඩ් වසංගයට පෙර ඩුබායි හී තරු පන්තියේ හෝටලයකදී මොරිල් සිය දියණියගේ විවහා උත්සවයද ගත්තේ ලංකා මුදලින් රුපියල් කෝටි 05 කට අධික මුදලක්ද වැය කරමිණි. එම සාදයට ලංකාවේ ඔහුගේ හිතවතුන් රැසකට ආරාධනා ලැබී තිබුණද ඒ අය කිසිවෙක් ඊට සහභාගි නොවුණේ මාකදුරේ මධුෂ්ගේ සාදයට ගිය අයට වූ දෙය දැන සිටි බැවින් විය හැකිය.

අපේ රට කුඩු තොග ගබඩාවක් කළේ සිද්ධික්

ඇෆ්ගනිස්ථානයේ පොපි හේනක්..

මොහොමඩ් සිද්ධික් පකිස්තානයේ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම් කරුවන් සමග එක්ව මත්කුඩු ජාලය මෙහෙය වූ ප්‍රබල චරිතයකි. 2015 වසර වන විට ඔහු මෙරටින් පළාගොස් සැගව සිටියේ පකිස්තානයේ ඇෆ්ගනිස්ථාන දේශ සීමාවට කිට්ටු පෙෂාවර් ප්‍රදේශයේය. ඔහු පකිස්තානයේ ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ නැගණියක් විවාහකරගෙන සිටින බව සදහන්ය. ඒ මෙරට විවහායට අමතරවය.

මෙරට මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ජාත්‍යන්තර වශයෙන් කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස 2015 වසරේදී සිද්ධික්ව පකිස්තානයේ ආරක්ෂක අංශ  අත්අඩංගුවට පත්වන අතර ඔහු මෙරටට භාර කෙරෙන්නේ යහ පාලන ආණ්ඩුව සමයේදීය.

පිටතින් පෙනෙන්නට ඇති ආකාරයට අනුව සිද්ධික් යනු වෙලේ සුදාගේ ගෝලයෙකි. එහෙත් ඇත්ත එය නොව. වෙලේ සුදා සිද්ධික්ගේ ගෝලයෙකි. සිද්ධික් මෙරට අංක එකේ මත්කුඩු ජාවාරම්කරු බවට පත්වන්නේ කුඩු නූර්, අයුබ් ඛාන්, ආනමාළු ඉමිටියාස්, වැනි මත්කුඩු ජාලයේ ප්‍රබල මුස්ලිම් පාතාලයේ අපරාධකරුවන් වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මරුමුවට පත්වීමත් වොඩ් ප්ලේස් සියාම් සහ පොට්ට නව්ෆර් වැනි  මත් කුඩු ජාවාරම්කරුවන් මරණිය දණ්ඩනයට ලක්ව සිරගතවීමත් සමගිනි.

ඉහත නම් සදහන් ජාවාරම්කරුවන් එකල මෙරටට මත්කුඩු  රැගෙන ආවේ පකිස්තානයේ සිට ඉන්දියාවට හොර පාරෙන් ගෙනවිත් රාමේෂ්වරන්වලින් බෝට්ටුවල පටවාය. එම හෙරොයින් ගොඩ බෑවේ පුත්තලමේත් මන්නාරමේත්ය. වරකට කිලෝ තිහ හතලිහකට එහා මත්කුඩු එසේ රැගෙන ආවේ නැත. එම සාම්ප්‍රදායික ගමන් මාර්ගය වෙනස් කරමින් කිලෝ සිය ගණනින් මත්කුඩු මෙරටට මුලින්ම රැගෙන එන්නේ සිද්ධික්ය. ඒ පකිස්තානයේ සිට කෙලින්ම මුහුදු මාර්ග ඔස්සේය.

සිද්ධික්ගේ රාජධානිය පිහිටා තිබුණේ මරදාන ටෙක්නිකල් හංදිය ආසන්නයේ පිහිටි මව්ලානා වත්තේය. මුල් කාලයේ ඔහු සිල්ලරයට මත්කුඩු අලෙවි කරන්නෙකි. එසේ සිල්ලරයට මත්කුඩු අලෙවි කළ ඔහුට ජාත්‍යන්තර මත්කුඩු ජාලයට රිංගීමට පාර කපා දෙන්නේ යැයි කියැවෙන්නේ අත්තායිබායි නැමැති පකිස්තානුවාය. සිංහල භාෂාව චතුර ලෙස හැසිරවිය හැකි අයෙක් වන ඔහු  මුස්ලිම් අන්තවාදී සංවිධාන සමගින්ද සම්බන්ධකම් ඇත්තෙකි.

සිද්ධික් පකිස්තානයේ සිට මත්කුඩු බොහොමයක් මෙරටට රැගෙන ආවේ විවිධ උපකරණවල සගවාය. වරක් ඔහු විසින් වතුර මෝටර් 222 ක් තුළ සගවා කන්ටේනරයකින් රැගෙන පැමිණි හොරොයින් කිලෝ 35 ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සොයා ගත්තේය. එසේම බෝල්ට් ඇණ තොගයක් තුළද සගවා ඔහු රැගෙන පැමිණ හෙරොයින් කිලෝ 36 ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සොයා ගත්තේය. පකිස්තානයේ සිට මෙරටට ආනයනය කළ අර්තාපල් කන්ටේනරයක අර්තාපල් ආකාරයට සකස් කළ රබර් බහාලුම් තුළ සගවාගෙන හෙරොයින් කිලෝ 30 ක් මෙරටට රැගෙන ආවේද ඔහුය. ඒ 2014 වසරේදීය. පොලොන්නරුවට රැගෙන යාමට තිබුණු පකිස්තානයෙන් ආනයනය කළ ඇඹරුම් යන්ත්‍ර තුනක් තුළ සගවා රැගෙන පැමිණ හෙරොයින් කිලෝ 93 ද හිමිකරු වූයේ සිද්ධික්ය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සදහන් කරන ආකාරයට අනුව අපේ රට කේන්ද්‍රකර ගනිමින් ලතින් ඇමරිකානු රටවල් , යුරෝපීය රටවල් සහ මාලදිවයිනටද බෙදා හරින්නට ගත්තේය. අපේ රට ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවන්ගේ තිප්පොලක් බවට පත්කරවන්නේ සිද්ධික්ය. වෙලේ සුදා 2012 වසරේ මෙරටින් පලාගොස් ඩුබායි හී රැදී සිටියදී ඔහුට අවශ්‍ය පහසුකම් පකිස්තානයේ සිට ලබාදී ඇත්තේද සිද්ධික්ය. මේ සියළු ජාවාරම් වලට සිද්ධික්ගේ නම කියැවුණත් මුදල් බලය හමුවේ සිද්ධික් ද අල්ලන්නට හැති සෑම තැනක්ම අල්ලා තිබුණේය. 2015 වසරේ සිට බන්ධනාගාරගතව සිටි ඔහු 2019 වසරේ නිදහස ලබා රටිනුත් පළා යන්නේ අධිකරණයෙන් සියළු චෝදනාවලින් ඔහු නිදහස ලබාය. දැන් ඔහු ඩුබායි හී රැදී සිටිමින් පකිස්තානයට නිතර යමින් එමින් මෙරට මත්කුඩු ජාවාරම මෙහෙයවන්නේ ඔහුට ඉහළින් වෙන කිසිවෙක් නැතැයි සිතමිණි.

සිපිරි ගේ සිට පිරිසිදු කුඩු ගේන වෙලේ සුදා

වෙලේ සුදා.

වෙලේ සුදා යනු කවුරුන්දැයි රටේ නොදන්නේ අයෙක් නැති තරම්ය. වෙලේ සුදා ජාත්‍යන්තර මත්කුඩු මාෆියා කල්ලි රැසක් සමග ඉතා කිට්ටු සම්බන්ධකම් ඇති අයෙකි. මේ වන විට මරණය දණ්ඩනය හිමිව ඇති ඔහුද පොලිසියට කට්ටි පනිමින් පකිස්තානයේ සැගවී සිටියෙකි. සිද්ධික් අල්ලා මෙරට රැගෙන ඒමෙන් මාසයකට පසු පකිස්තානයේ ආරක්ෂක අංශවල සහය ඇතිව වෙලේ සුදාව මෙරටට රැගෙන එන්නේ ඔහු මත්කුඩු ජාවාරම සිදු කළ දේශපාලනඥයන් රැසකගේ නම්ද එළියට දමමිනි.

කසිප්පු ජාවාරම් කරුවෙකුගේ පුතෙක් වූ වෙලේ සුදා මත්කුඩු ජාවාරමට අතපොත් තබන්නේ බඩෝවිට කේන්ද්‍ර කරගෙනය. සිල්ලරයට මත්කුඩු බෙදා හරින ලද ඔහු ඉතා කෙටි කාලයක් තුළ මත්කුඩු ජාලයේ ඉහළ තැනකට එන්නේ ඔහුගේ මත්කුඩු හදුනා ගැනීමට මත්කුඩු ඇසුරුම්වල ඔහුගේ ලාංඡනය සහිත වෙනම කවරයක ඒවා දමාය. එම ඇසුරුම්වල ඇති මත්කුඩු කවලම් නොමැති පිරිසිදු මත්කුඩු යැයි මත්කුඩු ලෝලීන් අතර මතයක්ද පැවැතුණි. වෙලේ සුදා ඉහළටට යන්නට එයද බලපා තිබුණේය.

වෙලේ සුදා දේශපාලනඥයන් මෙන්ම පොලීසියේ ඉහළ නිලධරීන් ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ තැනැත්තෙකි. මේ වන විට විශ්‍රාම ගොස් සිටින පොලිසියේ ඉහළම තැනක සිටි නිලධාරියකුගේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි නිවසක් රුපියල් කෝටි ගණනක් වැයකර ඉදිකර දෙන්නේද ඔහුය. ඒ වෙනුවට එම පොලිස්පතිවරයාගෙන් වෙලේ සුදාට පොලිස් අත්අඩංගුවෙන් මිදී නිදහසේ සිටීමට අවස්ථාවය.

වරක් එම පොලිස් ප්‍රධානියා තරුණ මන්ත්‍රීවරයකු සමග මත්පැන් වීදුරුවක් තොල ගාමින් සිටින්නේ කොල්ලුපිටියේ මුහුදු අයිනට වන්නට පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක ඉහළ මහලයක රැදී සිටිමිනි. වෙලේ සුදාද ඒ අය අතර සිටියේය. වීදුරුවක් දෙකක් මුවට හලා ගැනීමෙන් පසු බමන වන එම පොලිස් ලොක්කා  එකල වෙලේ සුදාගේ පස්සෙන් පන්නමින් සිටි පොලිසියේ තරුපටි පැලදි නිලධාරියෙක්ව එහි කැදවා වෙලේ සුදා ඉදිරියෙන් තබාගෙන විමසන්නේ ඔහුට එරෙහිව ඹප්පු කළ හැකි සාක්ෂි තිබේදැයි කියාය. වෙලේ සුදාගේ හයිය ඒ තුළින්ම දුටු එම පොලිස් නිලධාරියා ඊට පසු ඔහු පස්සේ යළි පන්නන්නට නොගියේය.

පසු කාලයේ වෙලේ සුදා මතුවන්නේ ඩුබායි රාජ්‍යයෙනි. එකල ඔහු එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිතර ගැවසෙන චරිතයකි. තානාපති කාර්යාලයෙන් වැඩක් කර ගන්නට ඇවැසි නම් වෙලේ සුදාට කී සැණින් සියල්ල සිදුවන්නේ ඔහුට තානාපති කර්යාලයේ ඉහළම බලධාරියා සමග සම්බන්ධකම් පැවැති බැවිණි. තානාපති කාර්යාලයේ පැවැත්වෙන උත්සව වලදීද වෙලේ සුදා සිටියේ ඉදිරියෙන්මය.

යහපාලන ආණ්ඩුව සමයේදී පකිස්තානයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන පැමිණීමෙන් පසු වෙලේ සුදාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ඇසුරුකළ දේශපාලනඥයන් ගැන මෙන්ම පොලීසියේ ලොක්කෝ ගැන පවා හෙළිදරව්වක් කළේය.අඩුම තරමින් ඒ අයගෙන් කට උත්තරයක් වත් ගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේ නැත. මාකදුරේ මධුෂ්ව සුරතල් කළ ආකාරයටම වෙලේ සුදාවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාගෙන  සිටියේය. වෙලේ සුදාට වැඩ වරදින්පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඔහුට එරෙහිව පැවැති නඩුවකට පිංසිදු වන්නටය.

ඒ අනුව මරණිය දණ්ඩනයෙන් දඩුවම් හිමිවන වෙලේ සුදා බන්ධනාගාරගතව පවා සිදුකරනු ලැබුවේ මත්කුඩු ජාවාරම මෙහෙයවීමය. ඒ අතර ඔහු සිය ප්‍රතිවාදීන්ගේ මත්කුඩු ජාලය පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අල්ලා දුන්නේ මත්කුඩු ජාලය තනි අයිතියට ගන්නටය. ඒ අතර ඔහු ජනාධිපති පොදු සමාවක් ද බලාපොරොත්තුවෙන් සිටියේය.  ඒ ඔහු විසින් පොලිසීයට ඔත්තු ලබාදෙමින් ගෙවී ගිය තෙවසර තුළ හෙරොයින් කිලෝ 1000 කට වැඩි ප්‍රමාණයක් අල්ලා දී තිබුණු බැවිණි.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

සජබෙන් ඉවත් කළ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ අසුන් පනවන්නැයි කථානයකට දන්වයි

Next Post

පාර්ලිමේන්තු මාධ්‍යවේදියෙකුත් ආසාදිතයන් අතරට

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.