බස්නාහිර පලාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද උදේ වරුවේ මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබිණි.
පසුගිය 09 වැනිදා ගාලුමුවදොරට සාමකමී උද්ඝෝෂණයට එල්ලවූ මැර ප්‍රහාරය අවස්ථාවේ දී නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට නොහැකි වීම සම්බන්ධව කරුණු විමසීමට ඔහුව මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබිණි.
මින් පෙර කොමිසම ඉදිරියට පොලිස්පතිවරයා සහ යුද හමුදාපතිවරයා කැඳවා තිබිණි.
එහිදී නිරික්ෂණය වූ කරුණු මත පදනම්ව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා සිතාසි නිකුත් කරනු ලැබීය.
නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙම අවස්ථාව පාලන කරගැනීම පැහැර බවට පොලිසිය විසින්ම චෝදනා එල්ල කර තිබිණි.