බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැයි දිනයෙන් පසු බැසිල් – මහින්ද පොහොට්ටු නායකත්ව පොරය කරලියට ඇවිත්…

by editor
මැයි 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මැයි දින රැලියේදී බැසිල් රාජපක්ෂට කැපී පෙනෙන පිළිගැනීමක් ලබාදීමත් වේදිකාවේ තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන බැනරයේ මහින්ද රාජපක්ෂ සමග බැසිල් රාජපක්ෂගේ   ඡායාරූපය ප්‍රදර්ශනය කිරීමත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) කඳවුර තුළ ගැටුමක් හටගෙන ඇතැයි ඩේලි මිරර් වාර්තා කරයි.

බැසිල් රාජපක්ෂ කඳවුර සහ මහින්ද රාජපක්ෂ හිතවාදීන් අතර ඇති වි ඇති මෙම ගැටුමේ දී මහින්දට හිතවත් ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ ප්‍රබලයින් පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම්ගෙන් දැඩි ලෙස ප්‍රශ්න කර ඇත්තේ මහින්ද රාජපක්ෂයගේ මට්ටමට බැසිල්ව ඔසවා තැබීමට උත්සාහ කරන්නේ කුමණ පදනමනකින් ද යන්නය.

ඔවුන් මේ සම්බන්ධව සාගර කාරියවසම් දැඩි ලෙස විවේචනය කර ඇත්තේ පක්ෂයේ ප්‍රතිරූපය ඉන් විනාශ වන බවට චෝදනා නගමින් බව ඩේලිමිරර් කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණනාවක් මේ සම්බන්ධව දැඩි විරෝධයක් මතු කර   එම පියවර පිළිබඳව කලකිරීම ද මහලේකම්වරයා වෙත ප්‍රකාශ කර ඇත.

මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැනරයේ මහින්ද රාජපක්ෂ සමඟ එක්ව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රුව ප්‍රචාරය කළ නමුත් පසුගිය වසරේ ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ගෝඨාභයගේ රුව ඉවත් කරන ලදී. ගෝඨාභය රාජපක්ෂ මෙවර මැයිදින රැළියට ද සහභාගී වූයේ නැත.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් බැසිල් රාජපක්ෂ මීළඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස පත් කිරිමේ වැඩපිළිවෙලක් දියත් කර තිබුණු බව හෙළි වී ඇත.

ඒ ද්විත්ව පුරවැසියන්ට  ඉදිරි මැතිවරණවලට තරඟ කිරීම වළක්වාලන ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තිය සංශෝධනය කිරීමෙන් පසු ඔහුට නැවත දේශපාලනයට පිවිසිය හැකි යැයි අපේක්ෂාවෙන් බවද වාර්තා වේ.

කෙසේ වෙතත්, එවැනි පියවරකට එරෙහිවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්ද හිතවාදී  ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා කර ඇත්තේ  බැසිල් හිතවාදීන් බැසිල් රාජපක්ෂව පක්ෂ නායකයා ලෙස උසස් කිරීමත් සමඟ සිදුවනු ඇත්තේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අප්‍රසාදයට ලක්වීම පමණක් බවය.

බැසිල්ගේ මැදිහත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් පක්ෂය හැර ගොස් ඇති බවත්, නායකත්වයේ වෙනසක් සිදුවුවහොත් එය පක්ෂය දෙකඩ වීමට හේතු වනු ඇති බවටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල් පාක්ෂිකයින් පක්ෂ නායකත්වයට දන්වා ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හල්දුම්මුල්ලේදී ඉන්ධන බවුසරයක් හෙළකට පෙරළෙයි

Next Post

මෝල්ලු සමාජ ආරක්ෂණ බදු සහන එකඟතාව වංචාකරති… කීරි සම්බා කිලෝවක තොග මිලත් පාලන මිලට වඩා රුපියල් 15කින් වැඩියි…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.