සෞම්‍යා ලියනාරච්චි –
පසුගිය මාර්තු 10 සිට මේ වනතෙක් මැද පෙරදිග කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් 23 දෙනෙක් කොවිඩ් 19 වැළඳී මිය ගොස් ඇතැයි ද මිය ගිය සෑම ශ්‍රී ලාංකික සේවකයෙක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂ 4ක වන්දියක් සූදානම් කර ඇතැයි ද විදේශ සෙවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය පවසයි.
කුවේට්, ඩුබායි, අබුඩාබි, ඕමාන් හා සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී මිය ගිය මේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් ඊට අමතරව සුබ සාධන දීමනාවක් සහ ඔවුන්ගේ හිග වැටුප් පවුල්වල සාමාජිකයන්ට ලබා දීමට කටයුතු කරනු ලබන බවද මංගල රන්දෙණිය කියයි.
තවද කොපමණ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාවකට මෙම වෛරසය ආසාදනය සිටිනවා ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත සංඛ්‍යා ලේඛණ නැතැයි පැවසේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශ දත්ත ප්‍රකාරව විදේශ ශ්‍රම වෙළෙඳපලේ ලාංකික ශ්‍රමිකයින් සියයට අසූවකට අධික ප්‍රමාණයක් සේවයේ යෙදී සිටිනනේ කුවේට්, ඩුබායි, අබුඩාබි, ඕමාන් හා සෞදි අරාබිය අතුළත් කලාපයේ ය. ඔවුන් වැඩි පිරිසක් ගෘහ සේවය ප්‍රධානකොට අවප්‍රමාණයේ රැකියා කරමින් ලංකාවට විදේශ විනිමය සපයමින් හිඳිති.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශයට පත් කර ඇති ආසන්නම කාල වකවානුව වන වර්ෂ 2016 දී මැදපෙරදි සේවය කළ ශ්‍රමිකයි ඉපැයූ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 566,260 ක් විය. එය රටේ සමස්ථ විදේශ විනිමය ප්‍රේෂණ වලින් 54% කි.