මැතිවරණ අල්ලස් දෙන්න ප්‍රවාහනය කළ අරක්කු බෝතල් 103ක් පොලිස් දැලේ…

දිනසේන රතුගමගේ –

ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ  රජයේ මත්පැන් බෝතල් 103ක් යාපනය ආනේකෝට්ටේ ප්‍රදේශයේ දී  සැකකරුවන් දෙදෙනෙකු  සමග යාපනය පොලීසිය විසින් 4 දා අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම මත්පැන් තොගය මැතිවරණ අල්ලස් වශයෙන් බෙදා දීම සඳහා රැගෙන එන ලද මත්පැන් තොගයක් බවට  දැනට පොලීසියට තිරතුරු ලැබී තිබේ. අත් අඩංගුවට ගත් තරුණයින් දෙදෙනාගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කරගෙන යයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇති තරුණයින් දෙදෙනා වයස අවුරුදු  26 ක් හා 27 ක් වූ යාපනයේ මනිපායී ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකි.


මත්පැන් ප්‍රවාහනය කළ ත්‍රී රෝද රථයද පොලීසිය බාරයට ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version