ලලිත් චාමින්ද –
මෙම වර්ෂයේ (2021) මුල්මාස 08ක කාලය තුලදි මී උණ රෝගින් 3770 දෙනෙකු වාර්තා වි ඇති බැව් වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
එම කාලය තුළදි වැඩිම මී උණ රෝගින් සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්වන අතර එම සංඛ්‍යාව 546කි.
ගාල්ල දිස්ත්‍රික්නයෙන් මී උණ රෝගින් 453 දෛනකු වාර්තා වි ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගින් 355 දෙනෙකු වාර්තා වි ඇත.
එමෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගින් 304 දෙනෙකු, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 250 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගින් 216 දෙනෙකු වාර්තා වි ඇත. අඩුම මී උණ රෝගින් සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 04 දෙනෙකි.