අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාරක වස ගොවීන්ට යවා සමාගම් එක්ක ඩීල් දැමූ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ පැටිකිරිය හෙළි වේ…

විගණන වාර්තාව සියල්ල හෙළි කරයි...

by editor
දෙසැම්බර් 19, 2020
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

  • වස පොහොර වර්ග 07ක් වෙනුවෙන් සමාගම් 11කට කෝ්ටි 107ක් ගෙවලා…

  • අවස්ථා 34ක දී නිවැරදි නියැදි පරීක්ෂණ වාර්තා ඉවත් කර ව්‍යාජ වාර්තා දාලා…   

  • රසායනාගා පරීක්ෂණ කර අලෙවිය සඳහා අනුමැතිය ගැනීමට පෙර  සමාගම් 09ක්  පොහොර  මෙට්‍රක් ටොන්  43,761ක්  ගොවින් වෙත නිකුත් කරලා…

  • මිල සූත්‍ර වරද්දලා සමාගම් 11ක් වෙත කෝටි 96ක් වැඩිපුර දීලා…

ජාතික පොහොර ලේකම්කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන ලිපිගොනු 26කට අදාලව  අවස්ථා 34 කදි පොහොර සමාගම් 11 විසින් ආනයනය කොට තිබු ක්ෂේත්‍රය තුළ භාවිතයට නුසුදුසු පොහොර වර්ග 07ක් වෙළඳ පොළට මුදාහැරිම මෙන් වංචාවක් සිදුකිරිම හා  රුපියල් මිලියන 1072.7 පොහොර සහනාධාර මුදලක් වංචනිකව  පොහොර ආනයන සමාගම්වෙත ගෙවීම සම්බන්ධව ජාතික විගණන කාර්යාලය මගින් කරණු ලැබු විශේෂ විගණන පරික්ෂාවකදි අනාවරණය වි ඇත.

ජාතික පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදි  සිදු වි ඇති අක්‍රමිකතාවයන් පිළිබඳ   කරනු ලැබු විශේෂ විගණන පරික්ෂාවේ දි මෙම තොරතුරු අනාවරණය වි ඇත. මෙම මස 17 වැනි දින මෙම වාර්තාව නිකුත්කොට තිබේ.

  • ව්‍යාජ රසායනාගාර පරීක්ෂා ඇතුළත් කරලා…

මේ සම්බන්ධ නිවැරදි නියැදි පරික්ෂණ වාර්තා ලිපිගොනුවලින් ඉවත්කොට   ව්‍යාජ රසායනාගාර පරික්ෂණ වාර්තා සකස්කොට  ලිපිගොනුවට ඇතුළත්  කොට ඇති බවද විගණන වාර්තාව මගින් අනාවරණය කරගෙන ඇත. මේ නිසා ජාතික ප්‍රමිතීන්ට අනුකුලව  ක්ෂේත්‍රය තුළ භාවිතයට නුසුදුසු  පොහොර තොග වෙළපොළට මුදා හැරිමෙන් ඉහත ලිපිගොනුව භාරව කටයුතු කළ හා  විෂය ලිපිගොනු  අධික්ෂණය කළ නිලධාරින් රජයට අලාභයක් සිදුකොට ඇති බව ද විගණන වාර්තාවේ  සඳහන් කොට ඇත. 

නියදි පරික්ෂාවන්ට අදාල  නිවැරදි  රසායනාගාර පරික්ෂණ වාර්තා අස්ථානගතකරමින් හා  ව්‍යාජ රසායනාගාර වාර්තා ඇතුළත් කරමින්  අසමත් පොහාර තොගයක් වෙනුවෙන්  වෙළඳ අනුමැතිය ලබාදිමට  ලිපිගොනු භාරව කටයුතු කළ විෂය ලිපිකරුවන් හා  අධික්ෂණය කළ නිලධාරින් කටයුතු කළ අවස්ථා 34ක් විගණය විසින් නියදි පරික්ෂාවකදි අනාවරණය වි ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජාතික පොහොර ලේකම්කාර්යාලය  විසින්  පවත්වාගෙන යනු ලබන  ලිපිගොනු 26කට අදාල අවස්ථා34කදි පොහොර සමාගම් 11 විසින්    මෙකි පොහොර ආනයනය කොට තිබුණි. 

මෙකි පොහොර සමාගම් විසින් T.S.P මෙට්‍රක් ටොන්  15,415.95 ක්, MOP   මෙට්‍රික්ටොන් 4,611 ක්  යුරියා  මෙට්‍රික්ටොන්  1,036ක්, SA  මෙට්‍රික්ටොන්  783ක්, Keisarite  මෙට්‍රික්ටොන්  367.5 ක්, NPK  මෙට්‍රික්ටොන්  150 ක් හා SES  මෙට්‍රික්ටොන්  270 ක් අනායනය කොට තිබු බව විගණන වාර්තාවේ දැක්වේ. 

  • සමාගම් 09ක් අනවසරයෙන් පොහොර තොග පිටකරගෙන

පොහොර ආනයනික සමාගම් විසින් ආනයනය කරනු ලබන පොහොර  තොග  ජාතික ප්‍රමිතින්ට අනුකුලද යන්න රසායනාගාර පරික්ෂාවකින්  තහවුරුකරගෙන  වෙළඳ අනුමැතිය  ලබාදෙන තෙක්  පොහොර ලේකම්  කාර්යාලයේ අධික්ෂණය යටතේ  ආනයනික සමාගම් ගබඩා තුළ  සුරක්ෂිතව ගබඩාකර තැබිය යුතුය. 

එහෙත් රාජ්‍ය විගණනය විසින්  භෞතිකව පරික්ෂාවන්ට ලක්කරණ ලද  ආනයනික සමාගම් 09ක් විසින් 2020.01.31 දින වන විට  රසයනාගාර පරික්ෂණ සිදුකිරිමට  හෝ අලෙවිය සඳහා අනුමැතිය ලබාගැනිමට පෙර  ප්‍රධාන සෘජු පොහොර  වර්ග 05කට අදාල  මෙට්‍රක් ටොන්  43,761ක පොහොර තොග ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අනුමැතියකින් තොරව  ගොවින් වෙත නිකුත්කොට තිබු බවද විගණන වාර්තවේ සඳහන් වේ

එමෙන්ම 2018 වර්ෂයේ යල කන්නයේ සිට රසායිනික පොහොර  විවෘත වෙළඳපොළේ සහනාධාර මිලකට ලබාදිම අරමුණුකරගෙන  ඒ වනවිට  මෙරටට පොහොර  ආනයනය කරන සමාගම් සතුව පැවති  භෞතික පොහොර තොග ගණනය කර  ඒ සඳහා සහනාධාර මුදල් ලබාදිමේ කාර්ය න් සිදුකිරිමේ වගකීම  ජාතික පොහොර ලේකම් කාර්යාලය වෙත පවරා තිබුණි. 

  • මිල සූත්‍ර වරද්දලා සමාගම් 11ක් වෙත කෝටි 96ක් වැඩිපුර දීලා…

මෙහිදි විනිවිදභාවයකින් තොරව එම කාර්යන් සිදුකිරිම හේතුවෙන්  පොහොර ආනයනික සමාගම් 11ක් වෙත රුපියල් මිලියන  4084.6 සහනාධාර මුදලක් ගෙවිමට සිදුවි ඇති බවද විගණන වාර්තාවේ දැක්වේ. එමෙන්ම එක් එක් පොහොර වර්ග සදහා  වෙළද පොළ වටිනාකම තීරණය කිරිමට පත්කළ මිල කමිටු නිර්දේශ මත  සකස්කළ  මිල සුත්‍රය භාවිතයට නොගැනිම  හේතුවෙන්  ආරම්භක පොහොර තොග සඳහා රුපියල් මිලයන 959.2 සහනාධාර මුදලක් වැඩිපුර  ගෙවිමට  සිදුවි තිබු බවද එම වාර්තාවේ දැක්වේ.

මේ පිළිබදව පොහොර නිෂ්පාදන හා සැපයුම් රසායනික  පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය ඇමති නිතිඥ මොහාන් පි දි සිල්වාගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවේය.

“ මේ සම්බන්ධව පරික්ෂණයක් සිදුකරලා වැරදි වලට සම්බන්ධ  අයට විනයානුකුලව කටයුතු කරණවා. වැරදි කරන අයට දඩුවම් ලබාදිම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරනවා.“   

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රොහාගේ ළඟම මිතුරකුගේ වෙස් ගත් අංජුගේ ඔත්තුකරු වස්කඩුවේදී අත්අඩංගුවට

Next Post

බොරැල්ලෙන් කතරගම ගිය චාරිකා බස් එක අතරමගදී හරවා එවයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.