අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මානව හිමිකම් කොමිසමට කට්ටි පැන්න පොලිස් ඇමති ටිරාන්ට කොමිසමෙන් සැර උත්තරයක්!  

by editor
මාර්තු 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය මාර්තු 7 වැනිදා හා 8 වැනිදා, කොළඹ හා කැළණිය විශ්වවිද්‍යලයීය සිසුන්ට අමානුෂික අන්දමින් එල්ල කරන ලද පොලිස් ප්‍රහාර සම්බන්ධයෙන් ඊට අදාළ කරුණු විමසීමට අද දින (13)  පොලීසිය භාර අමාත්‍යවරයා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවූයේ ව්‍යවස්ථානුකූලව සහ ජාත්‍යන්තර නීතිවලට අනුකූලව මානව හිමිකම් කොමිසමට පැවරී ඇති බලතල අනුව බවත්, එය විධිමත් ආකාරයෙන් සිදු කළ බවත් එම කොමිසම අවධාරණය කරයි.

මානව හිමිකම් කොමිසම හමුවට අද දින පැමිණෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ට දන්වා තිබුණ ද, ඔහු නොපැමිණීම   පිළිබඳව පළවන  ප්‍රකාශවලට , ප්‍රතිචාර දක්වමින් මානව හිමිකම් කොමිෂන් සභාව මේ බව පවසා තිබේ.

ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිසම, මානව හිමිකම් කඩවීමේ කවර අවස්ථාවක හෝ ශ්‍රී ලංකාවේ ජීවත් වන කවර හෝ පුද්ගලයෙකු කොමිසම හමුවට කැඳවීමේ සම්පූර්ණ බලය හා අධිකාරිය තමන් සතු වන අතර පොලීසිය භාර අමාත්‍යවරයා අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු වීමසීමට කැඳවූයේ එම බලතල අනුව බව පවසයි.

අමාත්‍යවරයා සමඟ අදාළ සාකච්ඡාව සංවිධානය කළේ ඉතා සුබවාදී හැඟීමකින් බවත්, ශ්‍රී ලංකාවේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම්, වළක්වා ගැනීම සඳහා මනා යාන්ත්‍රණයක් සකසා ගැනීමේ අරමුණින් බවත්, කොමිසම තව දුරටත් සඳහන් කර ඇත.

මේ පිළිබඳව තව දුරටත් පැහැදිලි කරන මානව හිමිකම් කොමිසම 1996 අංක 22 දරන, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව, මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් පරීක්ෂණ හා විමර්ශනය කිරීමේ සම්පූර්ණ බලය ඊට සතු බව අවධාරණය කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එවැනි මිනිස් අයිතිවාසිකම් කඩවීම පිළිබඳව අගතියට පත් පාර්ශවවලින් කරන පැමිණිලි, මත මෙන්ම අවශ්‍ය නම් කොමිෂන් සභාවේ තීරණය මත, ඒ පිළිබඳව විමර්ශනය කිරීමේ  අයිතියක් පවතින බව කොමිෂන් සභාව කියයි.

කොමිෂන් සභාව පවසන්නේ  පසුගිය මාර්තු 7 වැනිදා හා 8 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ හා කැළණිය විශ්වවිද්‍යාලයේ පැවති විරෝධතාවයන් වළක්වා ගැනීම සඳහා පොලීසිය උද්ඝෝෂණය කළ සිසුන්ගේ අයිතිවාසිකම් කඩවන ආකාරයට ක්‍රියාකළ බවට පැමිණිලි ලැබුන බවය. .

ඒ අනුව , ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම,  එවැනි සිදුවීම් වළක්වා ගැනීමට කටයුතු  කිරීම මෙන්ම මෙම විමර්ශනවලදී ශ්‍රී ලංකාවේ පදිංචි ඕනෑම පුද්ගලයෙකු ගෙන්වා ඊට අදාළ විමර්ශන කටයුතු කිරීම, අදාළ ලිපි ලේඛන පවතී නම් ඒවා ඉදිරිපත් කිරීම මානව හිමිකම් කොමිසම සතු වගකීමක් බව කොමිසම අවධාරණය කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති වෘත්තීය වේදීන් සාකච්ඡාවකට කැඳවයි.. 

Next Post

ජනපති පැමිණියේ නෑ… නියෝජිතයන් සමග කළ සාකච්ඡාව යළිත්  අසාර්ථකයි… වර්ජනය අඛණ්ඩව සිදුවන බව වෘත්තීය වේදීන් කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.