පාසල් ඇරීමට නිර්දේශ කරන බව මහාචාර්ය නීලිකා මලෙවිගේ පැවසූ බව දක්වමින් මාධ්‍ය පළ වූ විකෘති වාර්තාව සම්බන්ධව ජනමාධ්‍ය ඇමති ඩලස් අලප්පෙරුම මහාචාර්ය නීලිකා මලෙවිගේ ගෙන් සමාව ඉල්ලා තිබේ.
ඊයේ (09) දුරකථන ඇමතුමක් ලබා දී සමස්ථ මාධ්‍ය වෙනුවෙන් ඇයගෙන් ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස සමාව ඉල්ලා ඇති අමාත්‍ය ඩලස් අලප්පේරුම යපහත් නිවැරදි මාධ්‍ය භාවිතයක් වෙනුවෙන් මේ අවස්ථාව පාඩමක් කරගන්මු යැයි මාධ්‍යයෙන් ඉල්ලා සිටී.
අමාත්‍යවරයා ඒ සිද්ධිය සම්බන්ධව තැබූ ෆේස් බුක් සහටන මෙසේය.
“මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, රට වසංගත තත්වයෙන් ගිලන් වී, ඔත්පල වී සිටින මොහොතක, සිය සහෝදර පූරවැසියන් එයින් මූදවාගැනීම සඳහා ඇයගේ දැනුම, හඬ, පෞරුෂය කැපකරන සමාජ නායිකාවක්. ඉහත ආන්දෝලනයට පාදක වූ, ගේට්වේ ජාත්‍යන්තර පාසල සංවිධානය කළ වෙබ් සම්මන්ත්‍රනයේ දී ඇය විසින් කරන ලද මූළු කතාවම මා විසින් පෞද්ගලිකව ශ්‍රවණය කළා.“
“එම නිසාම ඇය විසින් කළ ප්‍රකාශයක් විකෘති කර පළ කිරීමෙන් ඇයට සිදූවූ හානිය මෙන්ම සිත්වේදනාව ද මා හොඳින් අවබෝධ කරගත්තා. එය අවබෝධ කර ගැනීමට අප සියළු දෙනාම සංවේදී විය යූතුයි. “
“එම නිසා මා සියළුම මාධ්‍ය මිත්‍රයන් වෙනුවෙන් ඇයට ඊයේ දිනයේ පූද්ගලිකව ආමන්ත්‍රණය කර ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසට ඇයගෙන් සමාව ඉල්ලූවා. එම නිසා මේ අත්වැරුද්ද වගකීම් සහගත ජනමාධ්‍ය කලාවක් වෙනුවෙන් හොඳ ආරම්භයක් ලෙසට පරිවර්තනය කරගන්නා ලෙස මා මගේ සියළුම සහෝදර වෘත්තීය සගයන්ගෙන් හෘදයාංගමව ඉල්ලා සිටිනවා..“