අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාතලේ පිලිස්සුණු මිනිය හා අනුරාධපුරයේ අත්හැර දැමූ මෝටර් රිය අතර සම්බන්ධයක් තිබේ ද?.

පොලිසිය විශේෂ පරීක්ෂණයක...

by editor
අප්‍රේල් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මාතලේ රත්තොට දොඹගොඩ කැළයක තිබී ඉකුත්  21 වෙනිදා  පිලිස්සුණු සිරුරක්  පොලීසියට හමුවී තිබුණි. එම සිරුර හඳුනා ගැනීමට නොහැකි තරමට පිළිස්සී අඟුරුවී තිබුණි. ඉතිරිව තිබුණේ  පාදයක කොටසක් සහ මුහුණු කොටස පමණි.

මළ සිරුර හමුවීමත් සමග අනුරාධපුර පොලිස් වසමේ අතහැර ගොස් තිබුණු හොණ්ඩා වර්ගයේ මෝටර් රථයක්ද පොලීසියට හමුවී විය. එම මෝටර් රථයේ ලේ පැල්ලම් කිහිපයක් ද වූයේය.

ඒ ඔස්සේ පරීක්ෂණ මෙහෙයවාගෙන යන පොලිසිය මේ වනවිටට සිටින්නේ උභතෝකෝටියකය.  මේ සිදුවීම් පෙළ මිනී මැරුමක්ද, රට නොමග යැවීමක් ද යන්න තවමත් පැහැදිලි නැත. එතෙක් මේ කරනුයේ පරීක්ෂණයෙන් හෙළිවන කරුණු ගොනු කර පෙළ ගැස්වීමය.

අනුරාධපුර පොලිස් වසමේ අත්හැර දමා තිබූ  මෝටර් රථයේ ලියාපදිංචි හිමිකරු කාන්තාවකි.  එම කාන්තාව පවසා ඇත්තේ  මෝටර් රථය සිය සහෝදරයාට අයත් එකක් බවකි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෝටර් රථය පාවිච්චි කළ මේ කියන සහෝදරයා මාලඹේ උතුරු තලංගම දාඹුගහවත්ත පාරේ නිවසක පදිංචිව සිටි රාජපක්ෂ මුදියන්සේලාගේ චන්දන තිලක් රාජපක්ෂ නැමැති අයෙකි. ඉපදී තිබුණේ වර්ෂ 1975 දීය. වැල්ලවායේ දීය.  කරුණු සොයාගෙන යද්දී වාරිමාර්ග කොන්ත්‍රාත්කරුවෙක් ලෙස පෙනී සිටි මෙම පුද්ගලයාට  එරෙහිව අධිකරණ වරෙන්තුවක්ද  ඇති බව පොලිසියට අනාවරණය විය.   ඔහුට නිවෙස් බිදුම් සහ සොරකම් මෙන්ම වංචා චෝදනාද එල්ලවී ඇති තිබුණු බව පරීක්ෂණවලදී හෙළි විය.

මෙම පුද්ගලයාට පෙම්වතියන් දෙදෙනෙක්  සිටින බවත් ඒ අය කොළඹ සහ  මහනුවර පදිංචිකාරියන් බවත් හෙළිවිනි.  ඔහු ඒ අය වෙනුවෙන් විශාල ලෙස මුදල් වියදම් කර ඇති බව ද අනාවරණය වූයේය.

මේ පුද්ගලයා නිවසින් අතුරුදන් වී ඇති බව කියන්නේ පසුගිය 18 වැනිදාය. එදින සවස 5.00 ට පමණ නිවසින් කෑගැසීම් හඬක්ද අසලල් වාසීන්ට ඇසී තිබිණි.  පසුව අදුරු වැටීමත් සමග ඔහුගේ මෝටර් රථය නිවසින් පිටව ගොස් ඇති අතර නැවත එම මෝටර් රථය නිවසට පැමිණ ඇත්තේ අළුයම 1.00 ට පමණය.

නැවතත් පැය කිහිපයකට පසු මෝටර් රථය නිවසින් පිටව ගොස් ඇත. 21 වෙනිදා මාතලෙන් පිළිස්සුණු මළ සිරුරත් අනුරාධපුරයෙන් මෝටර් රථයත් හමුවී තිබේ. නිවස පරීක්ෂා කිරීමේදී එහි ලේපැල්ලම් දක්නට ලැබුණු  බව පොලීසිය කියයි.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යනු ලබයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බස්නාහිර – වයඹ සියලු පාසල් වසා දැමේ

Next Post

ශ්‍රී ලංකාවේ සංචාරය ගැන රටවල් කිහිපයකට උපදෙස්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.