තුෂාරී කළුබෝවිල –
අධික වැසි, ජල ගැලීම් හා නායයාම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් ඇති අතර දෙදෙනෙක් තුවාල ලබා, එක් අයෙක් අතුරුදන් ව ඇති බවත් පීඩාවට පත් පිරිස 219027ක් දක්වා වැඩි වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි.
ඒ අනුව දිස්ත්‍රික්ක 08කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 71 ක පවුල් 54126කට අයත් මේ පිරිස අතරින් පවුල් 14140කට අයත් පුද්ගලයන් 17970ක් පිරිස ආරක්ෂිත ස්ථාන හා නෑදෑ නිවෙස්වල රැඳී සිටී.
හානියට පත් නිවාස සංඛ්‍යාව 735 කි.