බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ වැස්සෙන් පවුල් 31303ක පුද්ගලයින් 130672ක් විපතට

by editor
ජූනි 4, 2021
in පුවත්
Land-Slide

රත්නපුරයේ නවසක් මතට පස් කන්දක් කඩා වැටී විපතට පත් විනි

Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

ධාරානිපාත වර්ෂාව සමග ඇති වූ ආපදා හේතුවෙන් දින දෙකක් (ජුනි 03 හා 04) ඇතුළත දිස්ත්‍රික්ක 5ක පවුල් 31303කට අයත් පුද්ගලයින් 130672ක් විපතට පත් ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසූවේ වැඩිම පිරිසක් විපතට පත් ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 98052ක් බවයි. කොළඹ දිස්ත්‍රික්කයේ 28240 ක් ද පුත්තලම දිස්ත්‍රික්කයේ 3137ක් ද රත්නපුර දිස්ත්‍රික්කයේ 1242ක් ද කලුතර දිස්ත්‍රික්කයේ 8 දෙනෙක් ද විපතට පතව ඇති අතර පිරිස සංඛ්‍යාත්මක ව තව බොහෝ වැඩි විය හැකි බවයි.

පුද්ගලයින් 5829 දෙනෙක් අවතැන් ව ඇති අතර හානියට පත් නිවාස සංඛ්‍යාව 322 කි.

දැනට සිදු කර ඇති ගණනය කිරීම්වලට අනුව දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35ක ජනතාව පීඩාවට පත් ව සිටී.

රත්නපුර අයගම

නායයාමකින් වයස අවුරුදු 16ක දැරියක් මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා ඇත. රත්නපුර ගැටහැත්ත නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් එක් අයෙක් තුවාල ලබා රෝහල් ගත කෙරිණි. ඇහැළියගොඩ කරඳන මාර්ගයේ දම්මුල්ල ජිනරතන පාසල අසළ මාර්ගය ගිලා බැස ඇත.

පුත්තලම

මේ අතර පුත්තලම මහාවැව ඇළ ජල පහරට හසුව වයස අවුරුදු 15ක පිරිමි දරුවෙක් ගසාගෙන ගොස් ඇත.

ජලාශ කිහිපයක වාං දොරටු විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ඒ අනුව කුකුළේ ගඟ වාං දොරටු 02ක් ද දැදුරුඔයේ වාං දොරටු 04ක් ද තබ්බෝව ජලාශයේ වාං දොරටු 06ක් ද විවෘත කර ඇත. මේ හේතුවෙන් එම ජලාශ ආශ්‍රිත පහත්බිම් ජලයෙන් යට විය හැකි බවට අනතුරු ඇඟවේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අත්තනගල්ල

අත්තනගලු ඔය පිටර යමෙන් අත්තනගල්ල, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇළ මෙන්ම උරුවල් ඔය නිම්නයේ පහත් බිම් ද ජලයෙන් යටවනු ඇත. කලු ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් හොරණ, අහලවත්ත, ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩන්ගොඩ, මිල්ලනිය, මදුරාවල, කළුතර ප්‍රදේශවල ජල ගැලීම් ඇති වන බවත්, කැලණි ගඟ ජල මට්ටම ඉහළ යාමෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ, වත්තල ආශ්‍රිත ව ජල ගැලීම් ඇති වන බවත් අවධාරණය කෙරේ. මීට අමතර ව ගිං ගඟ, නිල්වලා ගඟ, මහා ඔය ද ජල මට්ටම ඉහළ ගොස් ඇත. දියවන්නා ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා පාර්ලිමේන්තු මාර්ගය ජලයෙන් යටවීම වැලි කොට්ට යොදා පාලනය කිරීමට පියවර ගෙන ඇත.

කලුතර

මේ අතර කලුතර, බුලත්සිංහල, ඉංගිරිය, පාලින්දනුවර, අගලවත්ත, වලල්ලාවිට, හොරණ, ඇහැළියගොඩ, කලවාන, අයගම, සීතාවක, නෙලුව, දෙහිඕවිට තවදුරටත් නායයාම් අවධානම් ප්‍රදේශ ලෙස ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිවේදන නිකුත් කර තිබේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසූවේ ත්‍රිකුණාමලය ආශ්‍රිත ව ඉහළ වායු ගෝලයේ කැළඹිලි පද්ධතියක් වර්ධනය වී තිබීමත්, ඉන්දියාවේ නිරිතදිග මෝසම් කාලගුණික තත්ත්වය ස්ථාපිත වී තිබීමත්, දිවයිනේ නිරිතදිග මෝසම සක්‍රිය වීමත් හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වය තවදුරටත් සක්‍රිය ව පවතින බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මඩෙහි එරුණ ඩෝසර් රජ ගොඩ ගනිත – තුමුල බෙලැති රණවිරුවන් මිස අන් කෙවත

Next Post

එන්නත් 13000ක් හොර පාරෙන් ගත් GMOA එන්නත්කරණ ජාතික වැඩපිළිවෙළක් හදයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.