ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහි ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුකිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 11ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 12ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇත.
ඊයේ (05) රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම තීරණය ගෙන තිබේ
ආර්ථිකයට එහි විභවය කරා ළඟා වීමටත් උද්ධමනය ස්ථාවර කිරීමේ අරමුණත්, දේශීය ආර්ථිකයේ අපේක්ෂිත උද්ධමන ක්‍රියාවලිය සහ යහපත් උද්ධමන අපේක්ෂාවන් ඇතුළු වත්මන් සහ අපේක්ෂිත වර්ධනයන් පිළිබඳ සියුම් විශ්ලේෂණයකින් පසුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹ ඇතැයි මහ බැංකුව පවසයි.
මින් පෙර මැයි 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික වාර්තාගත ලෙස පහත දැමීමට තීරණය කර තිබුණි. එම තීරණය ජූනි මස 01 සිට ක්‍රියාත්මක විය.
එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 13.00 සහ සියයට 14.00 දක්වා පදනම් අංක 250කින් අඩුකර තිබුණි.
මෙම සැලකිය යුතු මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමේ ප්‍රතිලාභ පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ලබා දෙන ලෙස බැංකු හා මූල්‍ය අංශයෙන් මහ බැංකුව ඉල්ලා ඇත. එමඟින් ඉදිරි කාලසීමාව තුළ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් කිරීමට සහාය වනු ඇතැයි මහ බැංකුව වැඩි දුරටත් පවසයි.