ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තමන්ට ඇප ඉල්ලා කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
නීතීඥයෙකු මාර්ගයෙන් ඇප අයැදුම්පතක් ගොනු කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ අධිකරණය සුදුසු යැයි හැඟෙන ඕනෑම ඇප කොන්දේසියක් මත තමා නිදහස් කරන ලෙසය.
මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය අවස්ථා ගණනාවකදී ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කර සාධාරණ හේතු රහිතව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව කෙහෙළිය රඹුක්වැල්ල සිය අයදුම්පත්‍රයේ සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙළිය ඇතුළු දස දෙනෙකු මාර්තු 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (14) නියෝග කළේය.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ප්‍රකාශ කළේ මෙම නඩු කටයුත්ත අවසන්වන තුරු කිසිම සැක කරුවෙකුට ඇප ලබා නොදෙන බවය.