ජනාධිපති මහින්ද රාජපක්ෂ නිල නිවසින් පිටවි යෑමට සූදානම් වේ. ඔහු තංගල්ල කාල්ටන් නිවසට පිවීමට නියමිතව ඇති බව පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී සහ එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව විජේමාන්න කීවේය.
එමෙන්ම හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය නිල නිවස රජයට භාර දීමට නියමිතව තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි සිය නිල නිවසින් පිටත් වී යෑම සඳහා මෙතෙක් දින නියම කර නැති බව වාර්තා වේ.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේ දී සංශෝධන රහිතව සම්මත වූයේය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151 සහ විපක්ෂව ඡන්ද 01ක් ලැබිණි. විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකය.
ඊයේ සවස කතානායකවරයා මෙම පනතට අත්සන් කිරීමත් සමග පනත බලාත්මක වූයේය. එම පනත සම්මත කිරීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති මාසික ලේකම් දීමනාව, නිල ප්‍රවාහන නිවාස සහ වෙනත් පහසුකම්, ජනාධිපති වැන්දඹුවකට ගෙවන මාසික විශ්‍රාම වැටුපට ඇති හිමිකම් අහෝසි වී ඇත.







