අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්දානන්ද ඇමතිට අනුකම්පා කළ යුතුයි…  රොබින්හුඩ් ටාසන් වැඩ කරන්න නම් එන්න එපා!

නැනෝ නයිට්‍රිජන් පොහොර ගෙන්වූ යුනයිටඩ් ෆාමස් ට්‍රස්ට් සමාගමේ සභාපති මොහාන් පෙරේරා කියයි.

by editor
නොවැම්බර් 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • දැන් අඩුවෙන් නැනෝ නයිට්‍රිජන් ගන්නම් ඉන්දියාවෙන් නෙමෙයි මගෙන් ඉල්ලන්න… මේ ඇග්‍රිමන්ට් තියනකම් එය තීරණය කරන්නෙ මම.

  • රොබින්හුඩ් ටාසන් වැඩ කරන්න එන්න එපා… දැක්කනෙ බැංකු ටික බ්ලැක් ලස්ට් කළ හැටි… මටත් එහෙම කරන්න පුලුවන්…

  • මම පුද්ගලික සමාගමක් කරුවෙක් මිසක්  රජයෙන් පඩි ගන්න කෙනෙක් නෙමෙයි. මට පුලුවන් අවශ්‍ය ගානට ලංසු ඉදිරිපත් කරන්න. එක් ගන්නව ද නැද්ද කියලා තීන්දු කරන්න ඕන රජය. දැන් මට ඇඟිල්ල දික්කරන් එපා..

වෙබ් අඩවියේ සඳහන් ආකාරයට ලීටරය රුපියල් 640ක මිලකට නැනෝ නයිට්‍රිජන් දියර පොහොර    බෝතල් ලක්ෂ 10ක් ගෙන්වනු ලැබුවහොත්  චම්පික රණවක මන්ත්‍රී ඇතුළු ඕනෑම කෙනෙකුට රුපියල් කොටි 10ක් දෙන බවත්,  මේ වනවිට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කරන ප්‍රකාශ සම්බන්ධව නොතකන්නේ ඔහු ස්ට්‍රෙස් පිට සිටින අනුකම්පාකළ යුතු පුද්ගලයෙක් නිසා බවත් නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලංකාවට ගෙන්වනු ලැබූ    යුනයිටඩ් ෆාමස් ට්‍රස්ට් සමාගමේ සභාපති මොහාන් පෙරේරා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා අද බත්තරමුල්ලේ දී  ප්‍රකාශ කළේය.

මේ පොහොර මිල අඩු කරගත යුතු නම් දැන් මහින්දානන්ද ඇමතිවරයා   කතා කරගත යුත්තේ තමන් සමග මිස ඉන්දියානු රජය සමග නොවන බව කී යුනයිටඩ් ෆාමස් ට්‍රස්ට් සභාපතිවරයා මිල අඩු කර දෙනවා ද නැද්ද යන්න තීරණය කරන්නේ තමන් බව පැවසීය.

“ටාසන් රොබින් හුඩ් වැඩ කරන්න ගිහින් බැංකු බ්ලැක් ලිස්ට් කරගත්තා මතකයිනෙ.  මටත් පුලුවන් අවශ්‍ය නම් එහෙම කරන්න. “

ඔහු මාධ්‍ය හමුවේ කීවේය.  මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ඔහු පිළිතුරු සහිතව ඔහු කළ ප්‍රකාශ මෙසේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“චම්පික රණවක මන්ත්‍රීතුමා කියලා තියනවා නැනෝ නයිට්‍රිජන් ලීටරය ලංකාවෙ සල්ලිවලින් රුපියල් 640යි.  ඉන්දියාවෙන් ලංකාවට ගෙනත් රුපියල් 2500ට විකුණනවා කියලා.

මං අභියෝගයක් කරනවා  ඔය වෙබ්සයිට් එකේ තියන ගානට, රුපියල් 640ට බෝතලයක් අරගෙන  එක්ස්පෝර්ට් ලයිෂන් එක අරන් බෝතල් ලක්ෂ දහයක් එවන්න කියලා. එව්වොත් මම කෝටි දහයක් දෙනවා තෑග්ගක් විදිහට.

කෘෂිකර්ම ඇමතිවරයා පොහොර ගනුදෙණුවේ දී විශාල වංචාවක් සිදුවී ඇති බව ප්‍රකාශ කර තිබිණි. ඒ පිළිබඳව මාධ්‍ය විමසූ අවස්ථාවේ දී ඔහු මෙසේ කීවේය.

මහින්දානන්ද ඇමතිට තියන ස්ට්‍රෙස් එක මම දැකලා නෑ කිසිම ඇමතිකෙනෙකුට තියනවා. එතුමා ඉන්නෙ ලොකු ස්ට්‍රෙස් එකක. ඒ නිසා එතුමා කියන දේවල් අපි ඒ තරම් ගණන් ගන්න නෑ.   මේ බෝතල් ටිකක් ගෙනත් මට ආපු ප්‍රෙෂර් එක එකක් නම් ඒ වගේ හත්සිය ගුණයක් විතර ප්‍රෙෂර් එකක් මහින්දානන් ඇමතිතුමාට තියනවා. එතුමා ඒ ප්‍රෙෂර් එක අරන් කරන කියන දේවල් ගැන අනුකම්පාවෙන් බැලිය යුතුයි.

මම නම් ඔය ඇමති ධුරය දාලා යනවා. ඔහොම ප්‍රෙෂර් එකක් බොරුවට දඟලන්නෙ නැතිව. එයා කියන දේවල් අපි ගණන් ගන්නෙ නෑ. දැන් මේ ගනුදෙනුව එයා කියන ආකාරයේ  රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නවත්වන්න පුලුවන් දෙයක් නෙමෙයි. එහෙම නවත්වන්න හදනවා නම් අපිත් දන්නවා  ඒක  නවත්වන්න   නීත්‍යානුකූලව.

මේක ඉන්දිය එම්බසියේ ට්‍රේඩ් සෙක්ෂන් එකත් එක්ක ගිය ගනුදෙණුවක්.  මම රජයෙන් පඩි ගන්න කෙනෙක් නෙමෙයි.   අපි පුද්ගලික සමාගමක්.   අපිට පුලුවන් ඕන ගණනක් බිට් කරන්න. රජයෙ ටෙන්ඩර් කමිටුව තමයි තීරණය කරන්න ඕන ගන්නව ද නැද්ද කියලා. ඒ හින්දා අපිට ඇඟිල්ල දික්කරන එකේ මොකක්ද තියන පදනම.

“රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කතා කරලා අඩු කරගන්න හැකියාවක් නෑ කියලද ඔබ කියන්නෙ. “ මෙහිදී මාධ්‍යවේදියෙක් විමසුවේය.

“අපේ ඇග්‍රිමන්ට් තියන තාක්කල් ඇමතිතුමාට නෙමෙයි කාටවත් එහෙම අඩු කරලා ගෙන්වන්න බෑ.  හැබැයි ඇමතිතුමාට මගෙන් ඉල්ලන් පුලුවන් අඩුකරලා දෙන්න කියලා. එහෙම ඉල්ලුවාම මම අඩු කරලා දීලා තියනවා. “

“රොබින්හුඩ් ටාසන් සරදියෙල් වගේ වැඩ කරනවා නම් දැක්කනෙ බැංකු ටිකට වෙච්චි වැඩේ. අපිටත් බැංකු ටික බ්ලැක් ලිස්ට් කරන්න පුලුවන්. “

“මට ලොකු ඔෆර් එකක් ආවා සර්ව ෆේල් කරන්න මේ බඩු ටික ගේන්න එපා කියලා.  මං බිලියන 30ක් ඉතුරු කරලා දීලා තියන වෙලාවෙ මේ ඩොලර් එකක් දෙකක් ගැන දඟලනවා. යූරියා ගේනන   ගියාම   බිලියන 30ක් වැඩියෙන් යනවා.

මේ පොහොර හරහා  යම් වගා හානියක් සිදුවන්නේ නම් පුද්ගලික සමාගමක් ලෙස එහි වගකීම තමන් භාරගන්නේ නැති බව කී  මොහාන් පෙරේරා    එය බලා ගත යුත්තේ රජය බවත් පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“මේ ආණ්ඩුව කවදාවත් සිගරට් අරක්කුවලට බදු ගැහුවේ නෑ”

Next Post

ජනපති කාබනික තීරණය රිවර්ස්  කරයි ! කෘෂි රසායනිකවලට දැනටමත් ඇණවුම්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.