බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්දානන්දලා කාබනික කරන්න යන පොටෑසියම් ක්ලෝරයිඩ් ගැන බීබීසී ය කී කතාව…

by editor
ඔක්තෝබර් 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බී.බී.සී –

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ඔත්තෝබර් 13 වැනි දා නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව මහ කන්නය සඳහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ.

ඒ පුවත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ප්‍රධාන මාධ්‍ය ද වාර්තා කරන ලදී. එහෙත් පොටෑසියම් ක්ලෝරයිඩ් යනු කාබනික සංයෝගයක් නොවන බව රසායන විද්‍යාඥයින්, රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුන් සහ රසායන විද්‍යාව හදාරන ලද බොහෝ දෙනෙකු පවසති.

මේ ගැන කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ෆේස් බුක් ගිණුමෙහි තබන ලද සටහන ද පසුව වෙනස් කළ බව ද සඳහන් කරමින් බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කර ඇති ආකාරය දක්නට ලැබේ.

”කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් කියලා ජාතියක් නැහැ.”

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු කාබනික සංයෝගයක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය එස්.ඩී.එම් චින්තක බීබීසී සිංහල සේවයට පැවසුවේය.

”අපි සාමාන්‍යයෙන් කාබනික කියලා කියන්නේ කාබන් පරමාණු අඩංගු සංයෝගවල ඔක්සිකරණ අංකය ධන 04 නොවන ඕනෑම කාබනික පරමාණුවක් තියෙන සංයෝගයක්. කාබනික සංයෝගයක් වුණහම අනිවාර්යෙන් කාබන් තියෙන්න ඕනා. හැබැයි කාබන් තියෙන හැම සංයෝගයක්ම කාබනික සංයෝග වෙන්නෙත් නෑ. පොටෑසියම් ක්ලෝරයිඩ් කිවුවහම ඒකෙ තියෙන්නේ පොටෑසියම් සහ ක්ලෝරීන් විතරයිනේ. කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් කියලා ජාතියක් නැහැ. ඒවා අකාබනිකයි.” යනුවෙන් මහාචාර්ය එස්.ඩී.එම් චින්තක විස්තර කළේය.

කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිවේදනය..

මේ පිළිබඳව බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය උදිත ජයසිංහ පැවසුවේ ශ්‍රී ලංකාවට ගෙන්වා තිබෙන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් බවයි.

”පොටෑසියම් ක්ලෝරයිඩ් ඛනිජ ප්‍රභවයක්. ඕනෑම දෙයක් රසායනිකයි. ඒක තුළ තමයි කාබනික සහ අකාබනික ද්‍රව්‍ය තියෙන්නේ. එයින් සමහර ඒවා කෘතිමයි. අනෙක් ඒවා ස්වාභාවිකයි. කාබනික ද රසායනික ද කියනවාට වඩා පරිසර හිතකාමී ද නැද්ද කියන එක ගැන අවදානය යොමු කිරීම වටිනවා. පොටෑසියම් ක්ලෝරයිඩ් කියන එක ගසට අවශ්‍ය ප්‍රමාණයට යෙදීමේ ගැටලුවක් නෑ. හැබැයි ප්‍රමිතියට වඩා දැම්මොත් කොයි එකත් හොඳ නෑ.”

”අපි ඉදිරියේදී නැනෝ තාක්ෂණය මත පදනම් වූ නයිට්‍රිජන් ප්‍රභවයක් යොදා ගන්නවා. ඒක දියරයක් විදියට ගසට දිය කරලා දැම්මහම හරිම කාර්යක්ෂමයි. ඒකෙන් හෙක්ටයාරයකට භාවිත කරන යූරියා ප්‍රමාණය කිලෝ 225 සිට මේක 2.5 දක්වා අඩු කර ගන්න පුළුවන්. ඒක සමග අපිට පොටෑසියම් ප්‍රභවයක් අවශ්‍ය වෙනවා. ඒකට තමයි පොටෑසියම් ක්ලෝරයිඩ් ගෙනාවේ.” යනුවෙන් මහාචාර්ය උදිත ජයසිංහ වැඩිදුරත් කියා සිටියේය.

ආනයනය කරන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර පිරිසිදු ඛණිජ සම්භවයක් ඇති පොහොර වර්ගයක් බව කෘෂිකර්ම දෙපර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා තහවුරු කර තිබේ යනුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශය අද සවස නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කාබනික ගොවිතැන සඳහා මෙම පොහොර යොදා ගැනීම ඉතාම සුදුසු බව ද ඔහු අවධාරණය කරන බව සඳහන් කරමිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යොහානි ඉන්දියාවේ සුපිරිතම ගායකයාත් අභිබවයි

Next Post

පැන්ඩෝරා පත්‍රිකා ගැන අහන්න තිරු නඩේසන් අදත් අල්ලස් කොමිසමට ගෙන්වයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.