එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් අකිල විරාජ් කාරියවසම් ඉල්ලා අස්වුවද ඔහුගේ ඉල්ලා අස්වීම නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
අද (23) උදෑසන සිරිකොත එ.ජා.ප මූලස්ථානයේදී පැවැති පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරිතයන් කිහිප දෙනකු එක් වී ඉදිරි කටයුතු පිළිබඳව සිදුකරන ලද සාකච්ඡාවේදී අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරියේදී සිදුවන පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලදී අවශ්‍ය ඉඩකඩ ලබා දීම සඳහා තමන් මහලේකම් ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව ප්‍රකාශ කර ඇති අතර සුදුසු පුද්ගලයකු ඒ සඳහා පත් කරගන්නා ලෙසද පවසා ඇත.
කෙසේ වුවද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ මහලේකම්වරයාගේ අස්වීම ප්‍රතික්ෂේප කොට ඇති අතර ඔහු පවසා ඇත්තේ ජාතික ලයිස්තුවෙන් ලද පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයට තමන් පත්විමේ අදහසක් ද නොමැති බවයි.
එසේම මෙම මන්ත්‍රි ධුරයට සෑම දෙනාගේම ආශිර්වාදයෙන් තරුණ මන්ත්‍රිවරයකු පත් කළ යුතු බව සඳහන් කළද මෙම තරුණ මන්ත්‍රිවරයා කවුද යන්න පිළිබඳව සාකච්ඡාවට ලක්ව නැති බව පක්ෂ ආරංචි මාර්ග ලංකාසරට සඳහන් කළේය.