අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහබැංකුවේ විදේශ විනිමය විෂය භාර නියෝජ්‍ය අධිපතිත් ඉවත් කිරීමට සුදානම්

by Lanka Sara Editor
සැප්තැම්බර් 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මහ බැංකුවේ සහකාර අධිපතිනි දවුලගල මුල්‍ය මණ්ඩල ලේකම් ධුරයෙන් ඉවත් කළ අකාරයටම, නියෝජ්‍ය අධිපති මහින්ද සිරිවර්ධන විදේශ විනිමය විෂයයට අදාල වගකීම්වලින් ඉවත් කිරීමේ සුදානමක් පවතින බව දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

“ස්ත්‍රී පුරුෂභාවය හැර සියළු පුද්ගල අනන්‍යතාවයන් සඟවාගත් පිරිසකගේ මහ බැංකු මගඩිවලින් ප්‍රතිලාභ ලැබූ දේශපාලනඥයෝ මුල්‍ය අපරාධ යට ගහන්න හදනවා

මහ බැංකුවේ සහකාර අධිපතිනි දවුලගල මහත්මිය මුල්‍ය මණ්ඩල ලේකම් ධුරයෙන් ඉවත් කළ අකාරයටම, නියෝජ්‍ය අධිපති මහින්ද සිරිවර්ධන විදේශ විනිමය විෂයයට අදාල වගකීම්වලින් ඉවත් කිරීමට සුදානම් වේ. මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ ඒකකයේ ප්‍රධානියා ද වූ ඔහු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ද සේවය කළ කීර්තිමත් නිලධාරියෙකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මහ බැංකු මගඩි පිළිබඳ වෝහාරික විගණන වාර්තා 5 ක් මේ වන විට එළිදක්වා ඇත. ඊටීඅයි ජනාධිපති කොමිෂන් වාර්තාව, හෙජින් පාඩුව පිළිබඳ වාර්තාව ඇතුළු මහ බැංකුවේ මුල්‍ය අපරාධ රැසක් පිළිබඳ විමර්ශන වාර්තා බලධාරීන් අතට පත්ව ඇත. දැන් මෙම විමර්ශනයන්ට අදාල මහ බැංකුවේ නිලධාරීන් එකිනෙකා මාරු කරමින් මුල්‍ය අපරාධ සැගවීමට අදාල චෝදනා එල්ලවූ පුද්ගලයින්ම කටයුතු කරති.

නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණදෙන දැවැන්තම අර්බුදයට තුලින් මේ වන විට රට ගමන් කරමින් ඇත. එහි මුලික පාර්ශවකවෙකු වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව, මුල්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු අදූරදර්ශී සහ ප්‍රශ්නගත තීරණයන් ය. එයින් කිහිපයක් මෙසේය.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් සමාගම සිදු කළ මුල්‍ය අවභාවිතයන් පිළිබඳ අනාවරණය වීමෙන් පසුව එහි විමර්ශන කටයුතු අඩපණ කිරීම සහ විමර්ශන සිදු කළ වත්මන් සහකාර මහ බැංකු අධිපති දවුලගල මහත්මිය 2012 දී -තනතුරුවලින් ඉවත් කිරීම. තැම්පත්කරුවන්ට සිය මුදල් අහිමිවූ ඊටීඅයි අර්බුදයේ ආරම්භය එය යි. මේ වන විට ඊටීඅයි වංචාව අනාවරණය කළ දවුලගල මහත්මිය මුල්‍ය මණ්ඩලයේ ලේකම් ධූරයෙන් ඉවත් කර ඇත. වෝහාරික විගණනයන් සම්බන්ධයෙන් කටයුතු කළේ ද ඇයයි.
ග්‍රීක බැඳුම්කර ආයෝජනය – කඩා වැටෙමින් තිබූ ග්‍රීසියේ මුදල් ආයෝජනය කිරීම නිසා රුපියල් බිලියන 10 කට වැඩි මුදලක් රටට අහිමි විය.

හෙජින් ගනුදෙණුව – මේ දක්වා වසන් කර තිබූ නමුත්, අලුත්ම සංඛ්‍යා සහ දත්ත අනුව, ලංකා රජය ඩොයිෂ් බැංකුවට ඩොලර් මිලියන 60.3 ක් ද, ඩීලර් ගාස්තුව ඩොලර් මිලියන 8 ක් ද, බේරුම්කරුවන් වෙත ඇ.ඩො. 12,872 ක් ද ගෙවා ඇත. එයට බාහිරව නීතිඥයින්ට ගෙවූ මුදල ද ඇතුළුව ඇ.ඩො. මිලියන 130 ඉක්මවන පාඩුවක් රටට සිදුව ඇත.

මෙරට කම්කරු ජනතාවගේ විශ්‍රාම රක්ෂණය වන, සේවක අර්ථසාධක අරමුදල් භාවිතා කර කොටස් වෙළෙඳපොල උපක්‍රමශීලි ලෙස හසුරුවනු ලැබීම තුලින් රුපියල් බිලියන 5 ක පාඩුවක් රටට සිදුව ඇත. සේවක අර්ථසාධක අරමුදලේ විශාලත්වය රු. බිලියන 2,200 කි. වෝහාරික විගණනයට අනුව සේවක අර්ථ සාධක අරමුදල් භාවිතයෙන් ගනුදෙනු 645 ක සිදු ව ඇති අතර, එම ගණුදෙනු එක එකින් රු. මිලියන 3 සිට මිලියන 17.31 පාඩු සිදු කර ඇත.

2002 සිට 2015 දක්වා බැදුම්කර නිකුතු 142 ක් සිදු කර ඇති අතර ඒවා රුපියල් බිලියන බිලියන 337 ක් රජය උපයාගෙන ඇත. මෙම බැඳුම්කර වලින් 33 ක් ම අවිධිමත් වේ. ප්‍රශ්නගත බැඳුම්කරවල වටිනාකම රු. බිලියන 77 යි. බැඳුම්කර 50 ක් සිමා රහිත මුල්‍ය සීමාවන් සහිතව (අර්ජුන මහේන්ද්‍රන් ආකාරයේ ) ගණුදෙනු වේ. ද්විතීයික වෙළෙඳපොල මිලට වඩා අඩුවෙන් බැඳුම්කර මිලදී ගත් අවස්ථාවන් 14 ක් ඒ අතර හමුවේ. එම ගණුදෙනු වලින් ද්විතීය වෙළඳපොල දී පමණක් සිදුව ඇති අලාභය රු.මිලියන 371 කි.

2019 ජනවාරි මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවනු ලැබූ ‘ආචාර ධර්ම පද්ධතියට‘ අනුව විධායක නිලධාරියෙකු, කාර්යාල සේවකයෙකු ලෙස මහ බැංකුවේ හතර සීමාවට ඇතුළු විය නොහැකි පුද්ගලයෙකුට රටේ මුල්‍ය විනය පවත්වාගත නොහැකිය.

වෝහාරික විගණන වාර්තා අංක 4 මගින් චෝදනා එල්ල වූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ට අධි චෝදනා එල්ල වූ විට ඔහු සිය නම, ලිපිනය ද, ස්ත්‍රී පුරුෂ භාවය හැර අන් සියලු අනන්‍යතාවයන් සඟවා සැඟවී සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කිරීමට පදනම් වූ ජෝන් එන්ටර් ගේ වාර්තාවේ 16 වන පිටුවේ ‘The Governor should be a man of recognized and outstanding competence in and integrity and responsibility’ යැයි සඳහන් ය. එවැනි ගුණාංගයන් රහිත පුද්ගලයින්ට, රටක මුදල් කලමනාකරණය නැවත නැවතත් හිමිවීම ඛෙදවාචකයකි. ” යැයි ද එම නිවේදනයේ සඳහන් විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විවෘත කිරීමට ආරාධනා කර නෑ… නුවරඑළිය ප්‍රදේශීය සභා සභාපති ජල සැපයුම නවතා රෝහලක් වසයි!

Next Post

පොලිසියට වෙට්ටු දැමුවේ නුගේගොඩ කුඩ්ඩෙක්… අපරාධකරු හඳුනාගනී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.