මහනුවර ප්‍රධානම බාලිකා පාසලක 11 වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් පසුගිය 09 දා සිට අතුරුදන්ව ඇතැයි ඇයගේ දෙමව්පියන් මහනුවර පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මහනුවර පොලිසිය මගින් පරීක්ෂණ පවත්වයි.
පරීක්ෂණවලදී අනාවරණය වූ කරුණු මත ඇය ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූයේ යැයි කියන නාවලපිටිය ප්‍රදේශයේ තරුණයකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගෙන් ප්‍රකාශ සටහන් කිරීමේදී ඔහු සඳහන් කර ඇත්තේ ඔවුන් අතර ප්‍රේම සම්බන්ධයක් තාවයක් තිබූ බවත් ඇය විසින් වෙනත් තරුණයකුට ජංගම දුරකථන මඟින් කෙටි පණිවිඩ යවා ඇති බවට කරුණු ඇයගෙන් විමසන අවස්ථාවේ ඔහු සමග උරණව මහවැලි ගඟට පැන්න බවත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් තරුණයා පවසන්නේ සත්‍යයක්ද යන්න වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර මේ වන තෙක් ඇයගේ සිරුර හමු වී නැති බවත් ඇය සොයා තවදුරටත් මෙහෙයුම් පැවැත්වෙන බවත් මහනුවර පොලිසිය පවසයි







