මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොවිඩ්….

මහනුවර පොදුජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී  සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වසන්ත යාපා බණ්ඩාර  කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

ඔහු සිය පී.සී ආර් පරීක්ෂණය කරගෙන ඇත්තේ පසුගිය 16 දාය.  පී.සී.ආර් වාර්තාව නිකුත් වී තිබුණේ ඊයේ සවසය.  එදා සිට ඊයේ (24) දක්වා ඔහු ගම්මාන 60කට ආසන්න ප්‍රදේශයක සංචාරය කර ඇති බවත්, නිලධාරීන් ගණනාවක් මුණ ගැසී ඇති බවත් මංගල උත්සව දෙකකට සහභාගී වී ඇති බවත්   වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට මන්ත්‍රීවරයා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර ඔහුගේ පවුලේ සියලු දෙනා ඇතුළු පළමුපෙළ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කර ඇත.


Exit mobile version